Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය.
දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ මහනාම විද්‍යාලයට එරෙහිව ලකුණු 36 ක ජයක් ලබාගැනීමට වේල්ස් කුමර විද්‍යාලය විද්‍යාලය සමත්විය.
වේල්ස් කුමර විද්‍යාලයේ පසිඳු පැතුම් (නොදැවී 73) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද නදුක ප්‍රනාන්දු කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ. ලක්ෂාන් පෙරේරා කඩුලු 3 ක් දවාගත්තේය.
මහනාම විද්‍යාලයේ ළහිරු විතාන ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
වේල්ස් කුමර විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 152
(පසිඳු පැතුම් නොදැවී 73, ළහිරු විතාන 18/5, ධනුක නිම්මාන 11/2)
මහනාම විද්‍යාලය - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(සොනාල් දිනූෂ 30, බිෂාන් මෙන්ඩිස් 21, නදුක ප්‍රනාන්දු 36/5, ලක්ෂාන් පෙරේරා 17/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.