Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විචර්ලි ජාත්‍යන්තර පාසල සහ කොළඹ ජාත්‍යන්තර පාසල අතර 24 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා පෙරවරු 10.00 සිට කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ අභියෝග කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම එක්දින තරගය 1996 වසරේදී ආරම්භ වී තිබේ.
මෙතෙක් පවත්වා ඇති තරග 23 න් 12 ක් ජයගැනීමට විචර්ලි ජාත්‍යන්තර පාසල සමත් වී ඇති අතර 10 ක් ජයගැනීමට කොළඹ ජාත්‍යන්තර පාසල සමත්වී තිබේ.
මේ වසරේදී උමර් අබ්දුල් විසින් විචර්ලි ජාත්‍යන්තර පාසල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර අක්මාල් හසන් කොළඹ ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ නායකත්වය දරයි.
විචර්ලි ජාත්‍යන්තර පාසල් සංචිතය
උමාර් අබ්දුල් (නායක), මූන් ඉස්මයිල් (උප නායක), ඒරන් ප්‍රනාන්දු, ෂෙනන් රුහුණුහේවා, මෙලුෂ් ධර්මසේන, සෙත් සැමුවෙල්, ෂුවෙල් මුස්තාක්, රෂිඞ් රාසික්, තමීම් මොහොමඞ් අලී, නුස්රිෆ් නිස්තාර්, මධුපෘතුවි පූවෙන්ද්‍රන්, අබ්දුර් රෙහමන් නිස්තාර්, නාබීර් ෆර්සන් සහ පද්මේෂන් දොරෙයිසාමි
කොළඹ ජාත්‍යන්තර පාසල් සංචිතය
අක්මාල් හසන් (නායක), ගවීන් අමුණුගම (උප නායක), ලිසල ද සිල්වා, අර්යාමන්, රහීල් රානා, සන්තොෂ් ශලේන්ද්‍ර, ඉම්රාන් හමීඞ්, යසිත් රත්නායක, තහිර් ඉස්මයිල්, රවින් නානායක්කාර, කවීන් ආනන්ද, සර්වේෂ් සතානන්දන්, අහමඞ් හනිෆ්, මහිත් පනාගොඩ සහ මහේෂ් රන්දිම
විචර්ලි ජාත්‍යන්තර පාසල් කණ්ඩායම |
කොළඹ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.