Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ විශාඛා විදුහල සහ නුගේගොඩ සුජාතා විදුහල අතර පළමුවැනි වරට සංවිධානය කෙරෙන දැල්පන්දු මහ තරගය අනිද්දා (29 වැනිදා) කොළඹ පැරණි තුරඟ තර පිටියේදී පැවැත්වේ. වාර්ෂික තරගාවලියක ආරම්භයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය අනිද්දා පෙරවරු 9.00 ආරම්භ වේ.
තරගය විදුහල් දෙකේ වයස 17 න් පහළ කණ්ඩායම් අතර පැවැත්වේ.
කොළඹ විශාඛා සහ නුගේගොඩ සුජාතා විද්‍යාල දෙකෙහිම සේවය කළ විදුහල්පතිනියක් වන ක්ලේරා මොට්වානි මහත්මියට ගරු කිරීමක් වශයෙන් තරගාවලියේ ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන කුසලානය ‘මොට්වානි අභියෝග ශූරතාව’ ලෙස නම් කර තිබේ.
මෙවර තරගයේදී විශාඛා විදුහල් පිලේ නායිකාව ලෙස උපානි රූපසිංහ ද, සුජාතා විදුහල් පිලේ නායිකාව ලෙස ලිලාෂා කෞෂල්‍යා මානගොඩ ද කටයුතු කරති.
මෙම පාසල් දෙකම ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු පිටියේ ප්‍රබල පාසල් දෙකක් වන අතර මෙම තරගය වාර්ෂික පැවැත්වීමට නියමිත බව විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ සහ සුජාතා විදුහලේ විදුහල්පතිනී පුෂ්පා කළුබෝවිල යන මහත්මීහූ ස්ථිර කළහ.
|
නුගේගොඩ සුජාතා විදුහල් දැල්පන්දු කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.