Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විස්සයි20 තරගාවලියත් එංගලන්තයට

විස්සයි20 තරගාවලියත් එංගලන්තයට

Nisanka Sandeepani - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී 3-0 කින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කිරීමට ඊයේ (28) සමත් වූහ.
 
ශ්‍රී ලංකා කාන්තා පිල මෙම තරගාවලියට පෙර පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ එක්දින තරගාවලිය ද එංගලන්ත පිල හමුවේ 3-0 කින් පරාජය විය.   
 
 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් එංගලන්ත පිල ලකුණු 96 ක පහසු ජයක් ලැබීය. 
 
ලකුණු 205 ක ජයග්‍රාහි ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු හයක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 108 ක් පමණි. 
 
හංසිමා කරුණාරත්න පන්දු 53 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 44 ක් රැස්කිරීමට සමත් වූවාය. 
 
පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිලේ ආරම්භක පිතිකාරියන් වූ ඩනල්ලි වයට් (51) සහ අමි ජෝන්ස් (57) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට අභියෝගයක් බවට පත්වූහ. 
 
ඕෂදී රණසිංහ එකම සාර්ථක පන්දු යැවන්නිය බවට පත්වෙමින් ලකුණු 28 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූවාය. 
 
ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල
ඩනල්ලි වයට් - ඇ. හංසිමා ප. ඕෂදී 51
අමි ජෝන්ස් - ඇ. සුගන්දිකා ප. ඕෂදී  57
තම්මි බියුමන්ට් - නොදැවී 42
නටාලි සීවර් - නොදැවී 49
අතිරේක 5
එකතුව ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 204
කඩුලු වැටීම:
1-96(වයට්), 2-116(ජෝන්ස්)
පන්දු යැවීම:
අචිනි කුලසූරිය: 3-0-34-0, මධුෂිකා මෙත්තානන්ද: 2-0-23-0, සුගන්දිකා කුමාරි: 3-0-34-0, චමරි අතපත්තු: 3-0-34-0, ඕෂදී රණසිංහ: 4-0-28-2, ශෂිකලා සිවර්ධන: 4-0-34-0, හංසිමා කරුණාරත්න: 1-0-15-0
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
චමරි අතපත්තු - ඇ. ජෝන්ස් ප. ඬේවිස් 10
උමේෂා තිමාෂිනි - ක. මූ. කළා ප. ස්මිත් 1
හංසිමා කරුණාරත්න - නොදැවී 44
ශෂිකලා සිරිවර්ධන - ඇ. ඩුන්ක්ලි ප. ක්‍රොස් 5
ඕෂදී රණසිංහ - ප. මාෂ් 9
හර්ෂිතා මාධවී - ප. නයිට් 5
ඩිලානි මනෝදර - ක. මූ. කළා ප. ක්‍රොස් 17
නිලක්‍ෂි ද සිල්වා - නොදැවී 5
අතිරේක 12
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 108
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
මධුෂිකා මෙත්තානන්ද, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය 
කඩුලු වැටීම:
1-2(තිමාෂිනි), 2-15(අතපත්තු), 3-21(ශෂිකලා), 4-37(ඕෂදී), 5-46(මාධවී), 6-82(මනෝදර)
පන්දු යැවීම:
ෆරියා ඬේවිස්: 4-0-12-1, ලින්සෙයි ස්මිත්: 4-0-33-1, කැති ක්‍රොස්: 4-0-20-2, ලයුරා මාෂ්: 3-0-17-1, හීතර් නයිට්: 3-0-13-1, ඩනල්ලි වයට්: 2-0-7-0

අදහස් (0)

විස්සයි20 තරගාවලියත් එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.