Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම් 43 ක සහභාගීත්වයෙන් ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා යොවුන් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පිළිමතලාව ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය සමත් විය. ධීරානන්ද මහා විද්‍යාලය එම ශූරතාවට හිමිකම් කිවේ රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමිනි.
කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තිය යටතේ තරග වැදුණ එස්.එම්.කේ.එස්. බණ්ඩාර සහ කිලෝ ග්‍රෑම් 56-60 බර යටතේ තරග වැදුණ සී.කේ. රත්නායක ධීරානන්ද මහා විද්‍යාලයට එම රන් පදක්කම් දෙක දිනාදුන්හ. එහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීමටද බණ්ඩාර සමත් විය.
එස්. සුභසිංහ කිලෝ ග්‍රෑම් 60-64 බර පංතියෙන්ද, අයි. ඉලන්දර කිලෝ ග්‍රෑම් 64-69 බර පන්තියෙන්ද රිදී පදක්කම් දිනාගත් අතර එන්. බණ්ඩාර කිලෝ ග්‍රෑම් 49-52 බර පන්තියෙන්ද, - බී. කුලතුංග කිලෝ ග්‍රෑම් 52-56 බර පන්තියෙන්ද, ආර්. ඉහලවෙල කිලෝ ග්‍රෑම් 81-91 බර පන්තියෙන්ද ලෝකඩ පදක්ම් දිනාගත්හ.
විද්‍යාලයේ ක්රීඩාභාර පාලක සහ බොක්සිං පුහුණුකරු ලෙස කේ. කේ. සුනිල් මයා කටයුතු කරයි.
පදක්කම් දිනාගත් ක්‍රීඩකයෝ
■ කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තියේ රන් පදක්කම - එස්.එම්.කේ.එස්. බණ්ඩාර
■ කිලෝ ග්‍රෑම් 56-60 බර පන්තියේ රන් පදක්කම - සී.කේ. රත්නායක
■ කිලෝ ග්‍රෑම් 60-64 බර පන්තියේ රිදී පදක්කම - එස්. සුභසිංහ
■ කිලෝ ග්‍රෑම් 64-69 බර පන්තියේ රිදී පදක්කම - අයි. ඉලන්දර
■ කිලෝ ග්‍රෑම් 49-52 බර පන්තියේ ලෝකඩ පදක්කම - එන්. බණ්ඩාර
■ කිලෝ ග්‍රෑම් 52-56 බර පන්තියේ ලෝකඩ පදක්කම - බී. කුලතුංග
■ කිලෝ ග්‍රෑම් 81-91 බර පන්තියේ ලෝකඩ පදක්කම - ආර්. ඉහලවෙල
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.