Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේදී ආරම්භ වූ 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන්ම සත්කාරක දකුණු කොරියාවට එරෙහිව ලකුණු 94-08 ක පහසු ජයක් ලැබීය. එහිදී සිව්වැනි වටයේ දී ප්‍රතිවාදිනියන්ට කිසිදු ලකුණක් ලබා නොදෙමින් එම ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙනුණි.
ලකුණු 25/03 – 24/3 – 19-2 - 26/0 ක් පරිදි වට හතරේදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරමුණ ගනිමින් ජය තහවුරු කර ගත්හ.
ශ්‍රී ලංකාව හෙට (12) සිය දෙවැනි තරගයට සහභාගිවන්නේ බෲනායි රාජ්‍යයට එරෙහිවය.
ලෝක ශූරතා යොවුන් දැල්පන්දු තරගාවලියට ආසියාවෙන් නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකාව අවම වශයෙන් මෙම තරගාවලියේදි තෙවැනි ස්ථනයවත් අත්කර ගත යුතුය. දකුණු කොරියාවේ ‘ජෙන්ජු’ නුවරදී මෙම 17 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී කණ්ඩායමේ ආහාර පාන සඳහා වියදම් දැරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඉදිරිපත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.