Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඉන්දියාවේදී පැවැත්වෙන වෘත්තීය කබඩි ලීගයේ 8 වැනි අදියරට අදාල ක්රීඩක වෙන්දේසියේදී පළමු වරට ශ්රී ලංකා ක්රීඩකයකු මිලදී ගැනීමට ටැමිල් තලෙයිවාස් කණ්ඩායම අද (30 වැනිදා) ඉදිරිපත් විය. වෙන්දේසිය සඳහා ශ්රී ලංකා ක්රීඩකයන් සිවුදෙනෙකු තෝරාගෙන තිබුණද ඔවුන් අතරින් අළෙවි වී ඇත්තේ අන්වර් සහීබ් පමණි.
ඉන්දිය රුපියල් ලක්ෂ 10 ක මුදලකට ටැමිල් තලෙයිවාස් කණ්ඩායම විසින් අන්වර් සිය කණ්ඩායමට මිලදී ගනු ලැබ තිබේ. ළහිරු කුරුප්පු, ආසිරි සඳරුවන් සහ අස්ලම් තම්බි වෙන්දේසිය සඳහා තෝරාගනු ලැබ සිටි සෙසු ශ්රී ලංකා ක්රීඩකයන් වූ අතර වෙන්දේසියේදී ඔවුන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.
ඔවුන්ට අමතරව ඉරාන ක්රීඩකයන් 12 දෙනෙක්, බංග්ලාදේශ ක්රීඩකයන් 8 දෙනෙක්, කෙන්යානු ක්රීඩකයන් 7 දෙනෙක්, කොරියානු ක්රීඩකයන් තිදෙනෙක්, නේපාල ක්රීඩකයන් දෙදෙනෙක්, මැලේසියානු ක්රීඩකයන් දෙදෙනෙක්, එක් ජපන් ක්රීඩකයෙක් සහ එක් තායිලන්ත ක්රීඩකයෙක් ඇතුළුව විදෙස් ක්රීඩකයන් 40 ක් මෙවර වෙන්දේසිය සඳහා තොරාගෙන තිබිණ.
කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් මාස තුනක පමණ කාලයක් පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය කබඩි ලීගයේ 8 වැනි අදියර මෙම වසරේ දෙසැම්බර් මස 10 වැනිදා ආරම්භ වනු ඇත. ලීග් ක්රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් වටයේ තරගය පෙබරවාරි මස අවසන් සතියේදී හෝ මාර්තු මස මුල් සතියේදී පැවැත්වීමට නියමිතය.
මෙතෙක් පැවැති අදිරය 7 න් 2 ක් ජයගැනීමට පැට්නා පයිරේට්ස් කණ්ඩායම සමත්ව තිබේ.
බෙන්ගල් වොරියර්ස්, බෙන්ගලාරු බුල්ස්, ජායිපූර් පින්ක් පැන්තර් සහ යූ මුම්බා යන කණ්ඩායම් තරගාවලියක් බැගින් ජය ගෙන තිබේ.
අවසන් වරට පැවැති තරගාවලියේදී ටැමිල් තලෙයිවාස් කණ්ඩායම 12 වැනි (අවසන්) ස්ථානයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.