Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව කසකස්තානයට පරදී

ශ්‍රී ලංකාව කසකස්තානයට පරදී

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ බැංකොක් නුවරදී ඊයේ ආරම්භ වූ ආසියානු කුසලාන පැසිපන්දු (කාන්තා) ‘‘බී’’ කාණ්ඩයේ තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කසකස්තානය හමුවේ ලකුණු 66–34 ක පරාජයක් ලැබීය. කෙසේ වුවත් තරගයේ සිව්වැනි (අවසන්) වටය ලකුණු 12-8 කට පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

තරගාවලියේ ඉදිරියට යාමට ඊයේ පරාජය ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් කෙරෙන අතර අද (14) සිය දෙවැනි තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ජෝර්දානයට එරෙහිවය.

රටවල් අටක සහභාගීත්වයෙන් ආසියානු කුසලාන ‘‘බී’’ කාණ්ඩයේ තරග වටය අගෝස්තු 19 වැනිදා දක්වා පැවැත්වීමේදී ශ්‍රී ලංකාවට මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබේ. ඒ හෙට (15) සත්කාරක තායිලන්තය සමඟ පැවැත්වෙන තරගයයි.

ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ජයගත් කසකස්තාන ක්‍රීඩිකාවෝ පළමු, දෙවැනි හා තෙවැනි වට 23/8 – 18/6 – 17/08 ක් ලෙස පෙරමුණ ගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ.

මෙම තරගය පැවැත්වෙන විට ලෝක පැසිපන්දු (කාන්තා) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 116 පසු වුණු අතර කසකස්තානය එහි 64 වැනි ස්ථානයේ පසු විය.

වසර 2015 සිට ශ්‍රී ලංකාවට කසකස්තානය ආසියානු (කාන්තා) ශූරතා තරගාවලියේදී සිව් වතාවක් මුණ ගැසීමේදී එම තරග හතරම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. අවසන් වරට 2015 දී ශ්‍රී ලංකාව ලකුණු 50-78 කින් ඔවුන්ට පරාජය වී තිබේ.

කෙසේ වුවත් වසර 2001 දී ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ආසියානු ශූරතා තරගාවලියේදී ලකුණු 20-141ක් තරම් ඉහළ අගයකින් පරාජය වී තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව කසකස්තානයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.