Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව කෙන්යාව - පෝලන්තය පරදවයි

ශ්‍රී ලංකාව කෙන්යාව - පෝලන්තය පරදවයි

editorial - 2021 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------
(නාමල්  පතිරගේ)
-----------------------

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී දැන් පැවැත්වෙන ‘බංගා බන්දු’ ශූරතා කුසලාන ජාත්‍යන්තර කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් කෙන්යාව හා පෝලන්තය පරාජය කරන ලදී.

මූලික වටයේ තරග දෙකක් වූ එහිදී පෝලන්තය ලකුණු 45-16 කින් පරාජය කළ ශ්‍රී ලංකාව කෙන්යාවට එරෙහිව ද ලකුණු 35-33 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම්ද හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කබඩි  තරග බිමට පිවිස සිටින්නේ වසර එක හමාරකට ආසන්න  කාලයක් ගෙවා දැමීමෙනි.

අවසන් වරට වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාව එහිදී පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම හා කාන්තා කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා  ගත්තේය.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ  සභාපති අනුර පතිරණ මහතා පැවසුවේ මහත් පරිශ්‍රමයක් දරා මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගත්  බවයි. ඒ සඳහා වියදම් සොයා ගත්තේද කබඩි සම්මේලනය මහත් පරිශ්‍රමයක් දරමින් බවත් එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය  ලබා ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බවත් ඔහු වැඩිදුරටත් ‘ලංකාදීප’යට පැවසීය.

මේ අතර තරගාවලියට සහභාගිවී සිටින නේපාල කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙකු කොවිඩ්  රෝගීන් ලෙස හඳුනා ගැනීම  නිසා මෙම තරගාවලියෙන් නේපාල කණ්ඩායම ඉවත් කිරීමට ගත් තීරණය අවසන් මොහොතේදී වෙනස් කර තිබේ. එබැවින් තරගාවලියේ තරග කාල සටහනද වෙනස් කර ඇත.

තිබේ. තරගාවලිය ලිග් ක්‍රමයට පැවැත්වෙන බැවින් මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා රටවල් දෙක ලබන සිකුරාදා (2) පැවැත්වෙන අවසන් මහ තරගයට කෙළින්ම සුදුසුකම් ලබයි.

සත්කාරක බංග්ලාදේශයට එරෙහිව  හෙට (31) පස්වරුවේදී ශ්‍රී ලංකාව තවත් තරගයකට සහභාගිවීමට නියමිතව තිබුණි.

චාමර හපුතන්ත්‍රිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කබඩි (පිරිමි) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩී.පී.පී. රංගජීව මහතාත්, කළමනාකාරු ලෙස එම්.ආර්.එම්. අසාර් මහතාත් කටයුතු කරති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව කෙන්යාව - පෝලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.