Last Update  :  2025-04-26 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ සිවුවැනි තැනට
ආසියානු හොකී සම්මේලන කුසලාන

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ සිවුවැනි තැනට

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු හොකී සම්මේලනය සංවිධානය කරන ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මූලික වටය අවසානයේ ‘බී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත් විය. ඒ අනුව ඔවුන්ට තරගාවලියේ 5 වැනි ස්ථානයත්, 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. 

එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (25 වැනිදා) පස්වරුවේ හොං කොං රාජ්‍යයට එරෙහිව පැවැත්වේ. ඉන් ජය ලැබුවහොත් ශ්‍රී ලංකාවට 5 වැනි හෝ 6 වැනි ස්ථානය සඳහාද, පරාජයට පත්වුවහොත් 7 වැනි හෝ 8 වැනි ස්ථානය සඳහාද තායිලන්තයට හෝ උස්බැකිස්ථානයට එරෙහිව හෙට (26 වැනිදා) තරග වැදීමට සිදුවනු ඇත. 

‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාවට මූලික වටයේදී ගෝල 2-1 ක් ලෙස ජයගත හැකි වූයේ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගය පමණි. කසකස්තානය හමුවේ ගෝල 3-2 ක් ලෙසත්, බංග්ලාදේශය හමුවේ ගෝල 5-0 ක් ලෙසත් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, තායිලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව අවසන් කළේය.
 
චීන තායිපේ සහ ඕමානය ‘ඒ’ කාණ්ඩයෙන්ද, බංග්ලාදේශය සහ කසකස්තානය ‘බී’ කාණ්ඩයෙන්ද පිරිමි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. අවසන් පූර්ව තරග අද පස්වරුවේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 27 වැනිදාය. ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10 ක් සහභාගි වී සිටියි. 


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ සිවුවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.