Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා කටාරයේ උපදේශක ලලිත්

ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා කටාරයේ උපදේශක ලලිත්

editorial - 2025 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා (ජාතික) අයෝමය පුරුෂයා (2024) ලෙස මීට පෙරත් ජාතික තරගාවලිය ජය ගෙන තිබෙන ලලිත් වජිර තරගකරුවන් 110 දෙනකු අතරින් නිර්දේශ ලැබීය.44 හැවිරිදි ලලිත් වජිර 2019 දීත් ශ්‍රී ලංකා අයෝමය ශූරයා ලෙස තේරුණු ක්‍රීඩකයායි.

මෙවර කඩුවෙල චන්ද්‍රා බාබෙල් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදුණු ලලිත් මේ වන විට කටාර් රාජ්‍යයේ කායවර්ධන උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.

 කිලෝග්‍රෑම් 85ට වැඩි බර පංතියේ ජයග්‍රාහකයා ලෙස අවසන් වටයට තේරුණු ලලිත් ශ්‍රී ලංකා අයෝමය ශූරයාවීමෙන් මෙවර දිනා ගත් තෑගි මුදල රුපියල් ලක්ෂ දෙකකි. දෙවැනි ස්ථානයට පත් රංග සිල්වා රුපියල් 150000 ක් හිමි කර ගත්තේය. වාද්දුව මසල් ස්ටුඩියෝ ක්‍රීඩා සමාජය නියෝජනය කළ මොහු මීට පෙර ආසියානු ශූරතා පදක්කමක් දිනූවෙකි.

 සිමන්ත්‍රා කායවර්ධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක එම්.ජී.ඩබ්ලිව්. එම්.සී.එන්.පුෂ්පකුමාර මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය ලබමින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක් හිමි කර ගත්තේය.

 කාන්තා හා පිරිමි කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ඉසව් 13 කින් සමන්විතව පැවැති මෙවර තරගාවලියේදී වැඩි අවධානයක් දිනා ගත් කාන්තා ෆිට් මොඩ්ල් හෙවත් ශාරීරික යෝග්‍යතා ප්‍රදර්ශන ඉසව්වේ ජය තරගකාරියන් අට දෙනකු දිනා ගත්තේ ඩිලිගන්ට් ෆිට්නස්හි ඒන්ජල් ප්‍රනාන්දුය. ඩිලිගන්ට් ෆිට්නස් කායවර්ධන මධ්‍යස්ථානයේ ඒ මිතූනා හා අවර් ජිම් මධ්‍යස්ථානයේ කනීෂා සෙව්වන්දී එහි දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබූහ.

කනිෂ්ඨ - කිලෝග්‍රෑම් 70 ට අඩු බර පංතියේ රන් පදක්කම ඩබ්.එම්.එන්. බන්ඩාරත් එහි කිලෝග්‍රෑම් 70 ට වැඩි බර පංතියේ රන් පදක්කම ඒ.අයි. ප්‍රනාන්දුත් දිනා ගත්හ.

ප්‍රවීණයන් සදහා පැවැති වයස 50 ට වැඩි ඉසව්වේ ජය ආසියානු ශූරතා ලෝකඩ පදක්කම්ලාභීයකු වන සුනෙත් චාමර ඩයස් විසින් හිමි කර ගන්නා ලදී.

මෙවර තරගාවලිය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ උප ලේකම්, ජාත්‍යන්තර කායවර්ධන විනිසුරු ටී.කේ. කසුන් චතුරංග මහතා පළමු වතාවට ජාතික තරගාවලිය තරුපහේ සංචාරක හෝටලයක පැවැත්වීමෙන් හා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිම තෑගි මුදලක් ප්‍රදානය කිරීමට සමත්වීමෙන් එහි උසස් බව හා ප්‍රමිතිය ඉහළ දැමීමට කායවර්ධන සම්මේලනය සමත්වූ බව පැවැසීය.


අදහස් (0)

ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා කටාරයේ උපදේශක ලලිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.