Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දකුණු ආසියානු සුදුසුකම් තේරීමේ පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මෙතික යුමෙත් ජයසිංහට හිමිවී තිබේ. දකුණු ආසියානු කණ්ඩායම් 4 ක් සහභාගි වන සුදුසුකම් තේරීමේ තරගාවලිය මේ මස 10 වැනිදා (අද) සිට 13 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින මෙම තරගාවලියට එක්වෙති.
වයස අවුරුදු 12 සිටම පැසිපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින යුමෙත් ජයසිංහ ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් පැසිපන්දු නායකයාය. උපනායක ඊවන් සේනාරත්න කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නියෝජනය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන
■ 10 වැනිදා - පස්වරු 6.30 ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
■ 11 වැනිදා - පස්වරු 6.30 ට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර
■ 12 වැනිදා - පස්වරු 6.30 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.