Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා වොලිබෝල් පිල පළමු ජය ලබයි

ශ්‍රී ලංකා වොලිබෝල් පිල පළමු ජය ලබයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 23 478 Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගීවූ මූලික වටයේ 2 වැනි තරගයේදී වියට්නායමට එරෙහිව තරග වට 3-0 ක ජයක් හිමිකර ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමක් ලැබූ පළමු ජය වාර්තා කිරීමට අද (23 වැනිදා) සමත්විය.

පළමු වටය 25-23 ක තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකරගත් අතර දෙවැනි සහ තෙවැනි වට 25-18 ක් ලෙස පහසුවෙන් ජය ගත්තේය.

තරග 2 කට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර අනිද්දා (25 වැනිදා) චීනෙට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීමට සමත්වුවහොත් දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිල පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.