Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 24 වැනි ‘ඇතුගල්පුර හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 6 කින් ජයගැනීමට ශාන්ත ආනා විද්‍යාලය අද (24 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය මලියදේව විද්‍යාලයට ඕවර 49.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.
කවිඳු ඒකනායක ලකුණු 36 කට කඩුලු 4 ක් සහ පසිඳු තෙන්නකෝන් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත ආනා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ආනා විද්‍යාලයට ඕවර 49.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168 ක් පමණි.
පසිඳු තෙන්නකෝන් ලකුණු 45 ක් රැස්කරමින් ශාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර කවිඳු ඒකනායක ලකුණු 32 ක් සහ පිවිතු ප්‍රනාන්දු ලකුණු 29 ක් සහ ලසිත් වර්ණකුලසූරිය ලකුණු 23 ක් රැස්කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
පසිඳු තෙන්නකෝන් සහ මදුරංග නවීන් කඩුලු 3 බැගින්ද ගයන්ත වික්‍රමාරච්චි කඩුලු 2 ක් ද දවාගනිමින් ශාන්ත ආනා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ශා.ආනා විද්‍යාලය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(පසිඳු තෙන්නකෝන් 45, කවිඳු ඒකනායක 32, පිවිතු ප්‍රනාන්දු 29, ලසිත් වර්ණකුලසූරිය 23, පසිඳු තෙන්නකෝන් 36/3, මදුරංග නවීන් 41/3, ගයන්ත වික්‍රමාරච්චි 24/2)
මලියදේව විද්‍යාලය - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(බ්‍රයන් කරුණානායක 34, විදත් බටේපොල 24, ජයමින් මුතුකුමාරණ 22, සුපුන් සුමනරත්න 20, කවිඳු ඒකනායක 36/4, පසිඳු තෙන්නකෝන් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.