Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට යාපනය ශාන්ත ජෝන්ස් විදුහල අද (27 වැනිදා) සමත්විය.
යාපනය ශාන්ත ජෝන්ස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 73 ක ජයක් ලබාගැනීමට යාපනය ශාන්ත ජෝන්ස් විද්‍යාලය සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යාපනය ශාන්ත ජෝන්ස් විදුහල ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය. ටී.දිනෝෂන් ලකුණු 80 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මුරිෆින් අබිනාෂ් ලකුණු 37 ක් රැස් කළේය.
උමේෂ් ලක්ෂාන් කඩුලු 3 ක් ද රිෂාන් ශකිල, බ්‍රයන් ජුලියන් සහ සනිඳු මදුශංක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට ඕවර 41.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට සමත්වූයේ ලකුණු 146 ක් පමණි.
ඇන්ටන් සරාන් කඩුලු 3 ක් සහ ටී.දිනෝෂන් සහ එන්.සවුම්යන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශා.ජෝන්ස් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 219
(ටී.දිනෝෂන් 80, මුරිෆින් අබිනාෂ් 37, උමේෂ් ලක්ෂාන් 40/3, රිෂාන් ශකිල 16/2, බ්‍රයන් ජුලියන් 32/2, සනිඳු මදුශංක 45/2)
ශා.පීතර විද්‍යාලය - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 146
(ලසිත් නිසලංක 25, එම්.ෆව්සාන් 20, ඇන්ටන් සරාන් 03/3, ටී.දිනෝෂන් 12/2, එන්.සවුම්යන් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.