Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගොල්ෆ් කමිටුව විසින් 8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාපති අභියෝග කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට සංජීව ආරියරත්න සමත් විය. අනූෂා සේනාධීර එහි කාන්තා ශුරතාව දිනාගත්තාය.
ත්‍රිකුණාමලය, චිනවරාය ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබෙන ‘ඊගල්ස්’ ගෝල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 80 ක් පමණ සහභාගි වූහ.
පිරිමි කාණ්ඩයේ අනු ශූරතාව හිමිකර ගැනීමට ජානක තෙබුවන සමත් වෙද්දී, එම කාණ්ඩයේ දීර්ඝතම පහර සහ සිදුරට ආසන්නතම පහර සදහා පිරිනැමෙන කුසලාන දෙකම තමන් සතුකර ගැනීමට රොමේෂ් අබේරත්න සමත් විය.
ඉකුත් වසරේදී (2020) කාන්තා ශූරතාව දිනාගැනීමට සමත් වූ නිලූ ජයතිලකට මෙවර තරගාවලියේදී අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදු වූවාය. කාන්තා අංශයේ දීර්ඝතම පහර හිමිකම් කීමටද ශූරතාව දිනූ අනූෂා සේනාධීර සමත් වූ අතර සිදුරට ආසන්නතම පහර සදහා පිරිනැමෙන කුසලානයට මනෝරි ජයකොඩි හිමිකම් කීවාය.
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.