Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ 19 වැනි යුද හමුදා පැරා (ආබාධිත සෙබළුන් සඳහා) ක‍්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 48 ක් දිනාගත් ශ‍්‍රී ලංකා පාබළ හමුදාව සමත් විය. පාබළ හමුදාවට ඉතා තියුණු තරගයක් දුන් ගජබා රෙජිමේන්තුව රන් පදක්කම් 45 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ත අනුශූරතාවට හිමිකම් කීවේය.
වසරේ විශිෂ්ටතම යුද හමුදා පැරා මලල කී‍්‍රඩකයා ලෙස රියෝ පැරලිම්පික් තරාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ගජබා රෙජිමේන්තුවේ දිනේෂ් පි‍්‍රයන්ත සම්මාන දිනාගත්තේය.
මෙම කී‍්‍රඩා උළෙලේදී දුන්නෙන් විදීම, බැඞ්මින්ටන්, වෙඩි තැබීම, මේසපන්දු, රෝද පුටු ටෙනිස්, වොලිබෝල්, ඔරු පැදීම, බර එසවීම, පාපැදි තරග, රෝද පුටු මැරතන්, පිහිනුම් සහ මලල කී‍්‍රඩා යන කී‍්‍රඩා 12 යටතේ තරග පැවැත්විණ.
තරගාවලියේ අවසන් අදියර වූ මලල කී‍්‍රඩා තරග දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දින තුනක් පුරා පැවත්විණ. කී‍්‍රඩා උළෙලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා සහභාගි විය.
මලල කී‍්‍රඩා ශූරතාව දිනාගැනීමටද රන් පදක්කම් 25 ක් දිනාගත් ශ‍්‍රී ලංකා පාබළ හමුදාව සමත් වූ අතර රන් පදක්කම් 12 ක් දිනාගත් ගජබා රෙජිමේන්තුවට එහි අනුශූරතාව හිමිවිය. ශ‍්‍රී ලංකා පාබළ හමුදාවේ ආර්. ඒ. සෝමසිරි මෙවර තරගාවලියේ දක්ෂතම මලල ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
යුද හමුදාවේ සියලූම රෙජිමේන්තු නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 400 ක් පමණ මලල ක‍්‍රීඩා තරග සඳහා සහභාගි වූ අතර සමස්ත පැරා තරගාවලිය සඳහා ක‍්‍රීඩකයින් 1000 කට ආසන්න පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.