Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ නම සොරාගෙන

සම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ නම සොරාගෙන

editorial - 2024 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

සිය නිල නාමයට සමාන නාමයක් යොදා  ගනිමින්  කටයුතු  කරන පාර්ශ්වයක් හේතුවෙන්  සිය සම්මේලනයේ  පැවැත්මට තර්ජනයක් එල්ලවී ඇතැයි  ශ්‍රී ලංකා සම්ප්‍රදායික  කරාටේ  සම්මේලනය ක්‍රීඩා  අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

එම චෝදනාලාභී පාර්ශ්වයත් ශ්‍රී  ලංකා සම්ප්‍රදායික කරාටේ  සම්මේලනය යන නමින්ම පෙනී සිටින  බවට වාර්තාවී තිබේ.ඔවුන් භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජාත්‍යන්තර  සම්ප්‍රදායික  කරාටේ  සම්මේලනයේ ශ්‍රී  ලංකාවේ එකම නිල නියෝජිතයා තම සංවිධානය බවත් සම්ප්‍රදායික කරාටේ ක්‍රීඩාව සම්බන්ධයෙන්  ඩිප්ලෝමා  පිරිණැමීම ඇතුළුව මෙරටදී එහි සියළු ක්‍රියාකාරකම් පිළිබඳව තිරණ ගැනීමේ හැකියාව පවතින්නේ සිය සංවිධානය  සතුවන බවත්ය.

එම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත්  අවධාරණය  කරන්නේ සිය සංවිධානයෙන් පරිභාහිරව රට තුළ සිදු කෙරෙන එවැනි ක්‍රියාකාරකම්  පිළිබඳව  ජාත්‍යන්තර  සම්ප්‍රදායික  කරාටේ සංගමය හා සිය සංවිධානය  වග නොකියන බවයි

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා සම්ප්‍රදායික  කරාටේ සම්මේලනය ක්‍ර්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.එහිදී ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇත්තේ  එවැනි සංවිධායකයන්  පිළිබඳව  ක්‍රීඩා  අමාත්‍යාංශය  දැනුවත්වී නැති බවත් ක්‍රියාත්මක  වෙමින් පවතින ශ්‍රී  ලංකා සම්ප්‍රදායික  කරාටේ සම්මේලනයට සිය කටයුතු පවත්වා ගෙන යාමට කිසිදු  බාධාවක් නොමැති බවයි.

ඒ අනුව සිය කටයුතු සුපුරුදු  පරිදි පවත්වා ගෙන යන බවත් ජාතික  ඔලිම්පික්  කමිටුවේ ලියාපදිංචිවීමට සිය නාමයම භාවිතා කරන එකී සංවිධානය  දැරූ උත්සාහයක් පිළිබඳවත් මේ වන විට වාර්තාවී ඇතැයි ශ්‍රී  ලංකා සම්ප්‍රදායික  කරාටේ  සම්මේලනයේ  උප සභාපති සුනිල් නිශ්ශංක මහතා පවසයි.

එම සම්මේලනයේ  විධායක  සභිකයින් වන රෝහණ  දිසානායක, ප්‍රේමසිරි වක්වැල්ල, එස්.එම්.ආර්.බී සමරකෝන් හා උප සභාපති  සුනිල් නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සම්බන්ධයෙන්  ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙතෙක්  ලියාපදිංච් ක්‍රීඩා ඉසව් 73 න් 44 වැනි ක්‍රීඩාව ලෙස ලියාපදිංචි  කර ඇත්තේ සම්ප්‍රදායික  කරාටේ ක්‍රීඩාවයි.

වසර 2005 සිට ශ්‍රී ලංකා සම්ප්‍රදායික  කරාටේ සම්මේලනය මෙරට  ක්‍ර්‍රියාත්මක වේ.එහි සභාපතිවරයා   ලෙස තවදුරටත්  කටයුතු  කරන්නේ දැනට ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර සිට කටයුතු මෙහෙයවන හිටපු  බැංකු කළමනාකරුවෙකු වන ජේ. බී. දේදුණුපිටිය මහතායි.

ජාත්‍යන්තර සම්ප්‍රදායික  කරාටේ සම්මේලනයේ  මූලස්ථානය  ක්‍රියාත්මක  වන්නේද එහි සිටය.ජපන් ආත්මාරක්ෂක  සටන් කලාවකින් පැවැත එන මේ වන විට ක්‍රීඩා  ඉසව්වක් ලෙසත් ලොව පුරා ප්‍රචලිත කරාටේ එදා සම්ප්‍රාදයෙන්ම  නොවෙනස්ව පවත්වා  ගැනීම සම්ප්‍රදායික  කරාටේ ක්‍රීඩාවේ අරමුණවී තිබේ.


අදහස් (0)

සම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ නම සොරාගෙන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.