Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සරත් මල්ලවපොර පුටුව රැකගනී

සරත් මල්ලවපොර පුටුව රැකගනී

editorial - 2024 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ශ්‍රී  ලංකා  මල්ලවපොර  සම්මේලනයේ ඉදිරි සිවු වසරක කාලයක් සදහා (2024 - 28) සභාපති  ධූරයට සරත් හේවාවිතාරණ  මහතා යළිත් වැඩි  ඡන්දයෙන්  තේරී පත් විය.ඒ ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති  එම සම්මේලනයේ (2024 - 28) නිලවරණයේදීය.

අනුබද්ධ හා ප්‍රාදේශීය  මල්ලවපොර  සංගම්  නවයක් ඒ සදහා  සහභාගිවී සිටි අතර එහිදී ඉන් හතකම මනාපය හේවාවිතාරණ  මහතාට හිමිවීමෙන්  ඔහුගේ පත්වීම සනාථ විය.ඊට ඉදිරිපත්වූ කොළඹ  දිස්ත්‍රික් මල්ලවපොර  සංගමයේ උප සභාපතිවරයකු වන ප්‍රියංක පෙරේරා  මහතාට මෙහිදී ලබා ගත හැකි වූයේ  සංගම්  දෙකක මනාපය  පමණි.

කෙසේවුවත්  උප භාණ්ඩාගාරික  ධුරය පමණක් ඊයේ පැවැති නිලවරණයේදී නිතරගයෙන් පත්වූයේ ඒ සදහා  නාමයෝජනා  ඉදිරිපත් කර සිටි ජාතික  ඔලිම්පික්  කමිටුවේ  මහ ලේකම් මැක්ෂ්වල් සිල්වා මහතා එය ඉවත් කර ගැනීමට  කටයුතු  කිරීමෙනි.

හිටපු  ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි  එන්.ඒ. ටී.ජයසිංහ මහතා ප්‍රධානත්වය දැරූ ත්‍රී පුද්ගල නිලවරණ කමිටුව  නිලවරණය මෙහෙයවීමේදී සභාව ජංගම දුරකථන ඔස්සේ වීඩියෝ ගත  කරමින් සිටි බව කියන සංගම් නියෝජිතයකුට කමිටුව  විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

යළිත් මල්ලවපොර  මුල් පුටුවේ අසුන් ගත් සරත්  හේවාවිතාරණ  මහතා වසර  2021දී මල්ලවපොර සම්මේලනයේ  ලේකම් ධූරයේ වැඩ බැලීම සදහා පත් වෙමින් එහි පරිපාලනයට පිවිසි  අයෙකි.

මේ අතර ඊයේ පැවැති මෙම  නිලවරණය  වළක්වමින් උසාවි නියෝගයක් ලබා ගැනීමේ උත්සාහයක් ගැනද වාර්තා විය. කෙසේවුවත්  මල්ලවපොර සම්මේලනයේ  පරිපාලනයට එරෙහිව  පසුගිය කාලයේදී  විරෝධතා කීපයක්ම ගොනු වූවත් සරත් හේවාවිතාරණ මහතාගේ පසුගිය පාලන කාලයට ඉන් බලපෑමක් නොවිණි.

සිය පසුගිය පාලන කාලය පිළිබඳව  වඩාත් සතුටු විය හැකි බවත් පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමේ ජාත්‍යන්තර  තරගාවලි කීපයකටත් එහිදී  ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  සහභාගි  කිරීමට තමන් කටයුතු කළ බවත් එහිදී ඔහු වැඩිදුරටත්  පැවැසීය.

කෙසේවුවත් පැරිස් ඔලිම්පික්  උළෙල (2024) සදහාද මල්ලවපොර  ක්‍රීඩා ඉසව්වෙන්  කිසිවකුත් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා ගැනීමට මෙතෙක්  සමත්ව නැත.ඒ සදහා ශ්‍රී  ලංකාවේ උත්සාහය  මේ වන විට අත් හැර දමා ඇතැයිද වාර්තාවේ.

 

ශ්‍රී ලංකා  මල්ලවපොර  සම්මේලනයේ  නව විධායක  සභාව (2024 - 28)

• සභාපති:- සරත් හේවාවිතාරණ මහතා

• ලේකම්:- ඩී.පී.ඩී රණසිංහ මහතා

• භාණ්ඩාගාරික:- අයි.සී. ඩබ්.කේ. ප්‍රනාන්දු මහතා

• උප සභාපතිවරු:- එම්.පී.එන්.සී.ප්‍රනාන්දු, කේ.එච්.එන් කොඩිතුවක්කු, පී.ඊ.ගුණවර්ධන, ඒ.ජී. සුනන්ද, එච්.එම්.එම්.එච්.කේ.ධර්මසේන, යන මහත්වරු.

• උප ලේකම්:- වයි.එම්.කේ.ඩබ්.එච්.ආර්.බී. කපුකොටුව මහතා

• උප භාණ්ඩාගාරික:- පී.එල්.ඩී එම්.එස්.සෙනවිරත්න මහතා


අදහස් (0)

සරත් මල්ලවපොර පුටුව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.