Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්ටබ්ස් පලිහ බොක්සිං තරග අනිද්දා සිට

ස්ටබ්ස් පලිහ බොක්සිං තරග අනිද්දා සිට

editorial - 2024 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සහ ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන 105 වැනි ‘ස්ටබ්ස් පලිහ’ බොක්සිං තරගාවලිය අනිද්දා (31 වැනිදා) නොවැම්බර් මස 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

තරගකරුවන් 550 ක් සහභාගි වන මෙම තරගාවලිය අංශ 3 කින් පැවැත්වෙන අතර එහිදී කනිෂ්ඨ (වයස 16 න් පහළ), යොවුන් (වයස 18 න් පහළ) සහ ජ්‍යෙෂ්ඨ (20 න් පහළ) යන අංශවලින් බර පංති 36 ක් යටතේ තරග පැවැත්වේ. 

මේ දක්වා පැවැති තරගාවලිවලදී 17 ක් වරක් ස්ටබ්ස් පලිහට හිමිකම් කීමට මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත්ව ඇත. මේ දක්වා පිට පිටම තෙවරක් එම ශූරතාව දිනා සිටින ශාන්ත සිල්වෙස්ටර් විදුහල පසුගිය වසරේදී (2023) ඊට හිමිකම් කීවේ රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් සමගිනි. 

මෙම වසරේදී (2024) පාසල් බොක්සිං ක්‍රීඩකයන් සඳහා පැවැති එල්.වී. ජයවීර බොක්සිං තරගාවලිය සහ ටී.බී. ජයා බොක්සිං තරගාවලිය ජය ගෙන සිටින හොරණ විද්‍යාරථන විශ්ව විද්‍යාලය මෙවර තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමග කරට කර සටනක නිතරව සිටියි. 

එදා මෙදා තුර ඉදිහාසයේ වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී ස්ටබ්ස් පලිහ දිනා ඇත්තේ කොළඹ රාජයකීය විදුහල වන අතර ඒ 19 වරක් ස්ටබ්ස් පලිහ තමන් සතුකර ගනිමිනි. වසර 1944 සිට 1947 දක්වාද, 1984 සිට 1987 දක්වාද පිට පිටම සිව්වර බැගින් ස්ටබ්ස් පලිහ දිනාගැනීමට රාජකීයයෝ සමත් වූහ.  

මෙම තරගාවලියේ සියලු තරග අන්තර් ජාතික ආධුනික බොක්සිං සම්මේලනය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර බාලක ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ස්ටබ්ස් පලිහ හිමිවේ. 

 

අදහස් (0)

ස්ටබ්ස් පලිහ බොක්සිං තරග අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.