Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්පිරිටඩ් ටච් මැජික් මිලියන් කුසලාන දිනයි

ස්පිරිටඩ් ටච් මැජික් මිලියන් කුසලාන දිනයි

editorial - 2022 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කළ මැජික් මිලියන් කුසලාන තුරඟ තරගාවලියේ ප්‍රධානතම තරගය වූ මැජික් මිලියන් කුසලාන තරගය ජයගැනීමට ඉන්දීය ජාතික පී.එස්. කවිරාජ් විසින් මෙහෙයවන ලද ස්පිරිටඩ් ටච් අසු සමත් විය. ස්පිරිටඩ් ටච් එම්.ජී.එම්.ආර්. රේසිං කණ්ඩායම හිමිකාරීත්වය දරන තුරඟෙකි.

විජය පුවත්පත් සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැරූ මෙම තරගාවලිය දැඩි සෞඛ්‍ය නීති යටතේ ඉකුත් අඟහරුවාදා (5 වැනිදා) නුවරඑළිය තුරඟ පිටියේදී පැවැත්විණ. තුරඟුන් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මැජික් මිලියන් කුසලාන තරගය මීටර් 1600 ක දුරකින් සමන්විත වූ අතර එහි අවසානය ඉතා තියුණු විය.

අල්කසබා, අනදර් ඒස් සහ මොරිටේනියා යන තුරඟුන් සමග නිරත වූ කරට කර සටනකින් අනුරුව අවසන් මොහොතේදී මැජික් මිලියන් කුසලාන තරගයේ ජය තමන් සතු කරගැනීමට ස්පිරිටඩ් ටච් අසු සමත් විය. ඒ අනුව 2018 සහ 2021 වසරවලදී මැජික් මිලියන් කුසලාන දිනා සිටි අල්කසබාට මෙවර තරගයේදී දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙම තරගාවලියේ සෙසු තරග වූ බ්ලැක්පූල් හෝටල් කුසලාන, ඇල්ෆයින් හෝටල් කුසලාන, චැරියට් කුසලාන සහ ඇස්රියල් කුසලාන යන තරග ජයගැනීමට පිළිවෙලින් කේ. අනීල් විසින් මෙහෙයවන ලද ක්‍රාබි, සී. උමේෂ් විසින් මෙහෙයවන ලද ගෝඩ්ස්වර්ඩ්, එල්. දයාලන් විසින් මෙහෙයවන ලද ලෙජන්ඩරි ප්‍රින්සස් සහ ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවන ලද වෙස්ටන් වින්ඩ් යන තුරඟුන් සමත් වූහ.

තරගාවලියේ ප්‍රතිඵල පහත සඳහන් වන අතර එහිදී තරගය ජයගත් අසු, එම අසු මෙහෙයවන ලද අසරුවා සහ අසුගේ හිමිකරුවා යන අනු පිළිවෙලට ප්‍රතිඵල පෙළගස්වා තිබේ.  


තරග ප්‍රතිඵල
බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගය (මීටර් 1070)
1. ක්‍රාබි - කේ. අනීල් - දීප්තිකා ජයකොඩි මෙනවිය
2. ගෝ ග්‍රීන් - එස්. විජයනාතන් - රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතා
3. කොස්මොපොලිටන් - කේ. සංජීවන් - අනුක සොයියා මහතා


ඇල්ෆයින් හෝටල් කුසලාන තරගය (මීටර් 1070)
1. ගෝඩ්ස්වර්ඩ් - සී. උමේෂ් - සුරංජි ජයකොඩි මහතා
2. ටොපිඩෝ - පී.එස්. කවිරාජ් - පද්ම කුමාර රණසිංහ සහ ප්‍රියන්ත කුමාර මහත්වරු
3. කොස්මික් ෆීලිං - කේ. අනීල් - දීප්තිකා ජයකොඩි මෙනවිය


මැජික් මිලියන් කුසලාන තරගය (මීටර් 1600)
1. ස්පිරිටඩ් ටච් - පී.එස්. කවිරාජ් - එම්.ජී.එම්.ආර්. රේසිං  
2. අල්කසබා - සී. උමේෂ් - දීප්තිකා ජයකොඩි මෙනවිය
3. රෝයල් ක්‍රිස්ටල් - එල්. දයාලන් - එඩ්වඩ්ස් අශ්වගාල


චැරියට් කුසලාන තරගය (මීටර් 1400)
1. ලෙජන්ඩරි ප්‍රින්සස් - එල්. දයාලන් - එඩ්වඩ්ස් අශ්වගාල
2. ස්ටෝමොන්ට් - කේ. අනීල් - දීප්තිකා ජයකොඩි මෙනවිය
3. ක්‍රැක් ඔෆ් ඩෝන් - සී. උමේෂ් - සුරංජි ජයකොඩි මහතා


ඇස්රියල් කුසලාන තරගය (මීටර් 1400)
1. වෙස්ටන් වින්ඩ් - ඉම්රාන් ඛාන් - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය
2. සන්තෝෂ් - කේ. අනීල් - දීප්තිකා ජයකොඩි මෙනවිය
3. විගරස් - ටී. පවිත්‍රන් - අජන්ත ද සිල්වා

 


අදහස් (0)

ස්පිරිටඩ් ටච් මැජික් මිලියන් කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.