Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් සහ පැරලිම්පික් ක්‍රීඩා උළෙලට සහාය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටි ස්වේච්ඡා සේවකයන් 80,000 න් 10,000 ක් පමණ මේ වන විට ඉවත්ව ගොස් ඇතැයි එහි සංවිධායකයින් උපුටා දක්වමින් එන්.එච්.කේ. ගුවන් විදුලි නාලිකාව අද (2 වැනිදා) වාර්තා කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉකුත් වසරේදී (2020) කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන මස (ජූලි) 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.
කොරෝනා වසංගතය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අවධිකය මෙවර ගිම්හානයේදී ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් පැවැති විවිධ මත විමසුම්වලදී බහුතරයක් ඊට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.
ජපානයේ සිිටින ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය උපදේශකවරයා පවසා ඇත්තේ මෙවන් වසංගතයක් තිබියදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සාමාන්‍ය දෙයක් නොවන බවයි. ජපන් රජයේ වෛද්‍ය උපදේශකවරයකු වන ෂිගේරු ඔමී මහතා පවසා ඇත්තේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉදිරියට ගෙන යාමේ හේතු ජනතාවට පැහැදිළි කළ යුතු බවයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.