Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සාග් ටයිකොන්ඩෝ පදක්කම්ලාභීන්ට උපහාර

සාග් ටයිකොන්ඩෝ පදක්කම්ලාභීන්ට උපහාර

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගැයීමේ උත්සවයක් තලවතුගොඩ ‘ග්‍රෑන්ඩ් මොනාක්’ හෝටලයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී  ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනකු අගැයීමට ලක් කෙරිණ.

කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේ දී ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් හතක් හා ලෝකඩ පදක්කම් 16ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පදක්කම් දිනූ ක්‍රීඩකයකුට හා ක්‍රීඩිකාවකට සමරු තිළිණ ප්‍රදානය කළ අයුරු.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න, පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලෙක්ම් අනුරාධ විජේකෝන්, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් යන මහත්වරු ද සහභාගි වූහ.

පදක්කම්ලාභීන් වෙනුවෙන් ටයිකොන්ඩෝ ක්‍රීඩා උපකරණ බෙදාදීමක් ද එහිදී සිදු කෙරුණි.

- 223

 


අදහස් (0)

සාග් ටයිකොන්ඩෝ පදක්කම්ලාභීන්ට උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.