Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සී.සී.සී පිල තවදුරටත් සුපිරි වටයේ පෙරමුණේ

සී.සී.සී පිල තවදුරටත් සුපිරි වටයේ පෙරමුණේ

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ වටයේ තවදුරටත් පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 64.545 ක් ලබාගත් සී.සී..සී පිල සමත්විය. මූලික වටයේ ප්‍රසාද ලකුණුත් සමගින් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි සී.සී..සී පිල තරග 5 කට සහභාගීවී ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයවී තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.


තරග5 බැගින් සහභාගිවී ඇති ද්‍රවිඩ සංගම් පිල ප්‍රසාද ලකුණු 59.755 ක් සහ එස්.සී.සී පිල ප්‍රසාද ලකුණු 56.160 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන්නේය.


පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන තරගාවලියේ පෙරමුණේ පසුවන බදුරලිය පිල ප්‍රසාද ලකුණු 40.100 ක් ලබාගැනීමට සමත්විය. තරග 4 කට සහභාගිවූ බදුරලිය පිල පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් හිමිගර ගැනීමට සමත්වී ඇති අතර එක් පළමු ඉනිමේ පරාජයක්ද ඔවුන්ට හිමිවූහ.

 


අදහස් (0)

සී.සී.සී පිල තවදුරටත් සුපිරි වටයේ පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.