Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඇලහැර සරත් නිශ්ශංක වෙලගෙදර)
පොලොන්නරුව කබඩි සංගමය හා ශ්‍රී ලංකා කබඩි සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ ජාතික කබඩි තරගාවලිය පෙරේදා පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ දී අවසන් විය.
ශ්‍රී ලංකාවේ කබඩි ක්‍රීඩාවේ පියා ලෙස සැලකෙන එම්.ටී. ප්‍රනාන්දු මහතා අනුස්මරණය කිරීම සඳහා පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්විණි.
සුපර් ලීග් තරග, වයස 23 න් පහළ (පිරිමි), වයස 26 න් පහළ (කාන්තා), වයස 17 න් පහල බාලක හා බාලිකා තරග මේ යටතේ පැවැත්විණි.
මෙම තරගාවලියේ සුපර් ලීග් තරග සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායමක් සහභාගී වී සිටියේය. පාසල් කාණ්ඩයේ තරග සඳහා දිවයිනේ පාසල් 36 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 36ක් සහභාගී විය.
අවසන් තරග පැවැති ඊයේ දිනයේ පැවැති සුපර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහිදී ලකුණු 49 ට 43 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් සුපර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පොලිස් කබඩි කණ්ඩායම සමත්විය. වයස 26 න් පහළ කාන්තා අවසන් තරගය කොළඹ විෂන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් අතර පැවැති අතර එහිදී කොළඹ විෂන් කණ්ඩායම කාන්තා කබඩි ශූරතාව දිනාගත්තේය.
23 න් පහළ පිරිමි අවසන් තරගය සඳහා මඩකළපුව සහ අම්පාර කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර එහිදී 23 න් පහළ පිරිමි ශූරතාව මඩකළපුව කබඩි කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. එහි තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගය සඳහා කොළඹ විෂන් හා අනුරාධපුර මකුලෑව. ශූරතාව- අනුරාධපුර මකුලෑව. 17 න් පහළ කාන්තා අවසන් තරගය සඳහා කුරුණෑගල ඉබ්බාගමුව විදුහල් කණ්ඩායම ඇල්පිටිය බෝධිමළුව විද්‍යාලය කණ්ඩායම් තරග වැදුණු අතර එහිදී ශූරතාව ඇඹිලිපිටිය බෝධිමළුව කණ්ඩායම දිනා ගන්නා ලදී.
17 න් පහළ කාන්තා තුන්වැනි ස්ථානය සඳහා කෑගල්ල අම්බුළුගම විද්‍යාලය හා මතුගම අගලවත්ත විද්‍යාලය තරග වැදුණු අතර එහිදී කෑගල්ල අම්බුළුගල පාසල් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානය හිමි විය.
17 න් පහළ පිරිමි අවසන් තරගය සඳහා නුවරඑළිය හිල් කන්ට්‍රි ක්‍රීඩා සමාජය සහ මඩකළපුව සෙන් ජෝෂප් විද්‍යාලය තරග වැදුණු අතර එහිදී ලකුණු 50-30 ක් ලෙසට ලකුණු ලබාගත් හිල් කන්ට්‍රි ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගත්තේය.
මෙම කබඩි තරගාවලියේ ත්‍යාග තිළිණ හා සහතිකපත් ප්රදානය කිරීම ශ්‍රී ලංකා ජාතික කබඩි ක්‍රීඩක ගයාන් සමන්ත බංඩාර මහතා, පොලොන්නරුව කබඩි සංගමයේ සභාපති ඩබ්. ධර්මදාස, පොලොන්නරුව කබඩි සංගමයේ ලේකම් අතුල ප්‍රභාත් හේවාවිතාරණ, පොලොන්නරුව කබඩි සංගමයේ භාණ්ඩාගාරික සමන්ත ප්‍රේමසිරි මහතා ඇතුළු පොලොන්නරව කබඩි සංගමයේ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.
ශූරතාව දිනාගත් පොලිස් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.