Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුසාල් - සචිනි ජාතික චෙස් ශුරතා දිනති

සුසාල් - සචිනි ජාතික චෙස් ශුරතා දිනති

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල්  ශ්‍රී ලංකා ජාතික චෙස් ශුරතාවලියේ පිරිමි ශුරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගත්තේය. කොළඹ ගෝන් ප්‍රී චෙස් ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ එහි කාන්තා ශුරතාවය පස් වැනි වරටත්  දිනා ගත්තාය.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය අප්‍රේල් මස 23 සිට මැයි මස 1 දක්වා කොළඹ කොබ්බැකඩුව කෘෂිකර්ම පුහුණු පර්යේෂණාගාර ශ්‍රවණාගාරයේ පැවැත්විණ. මේ තරගාවලිය සදහා තේරීම තරගාවලිවලින්  දිවයිනෙන් තෝරාගත් චෙස් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 14 දෙනා අතර පැවැත්වින .

2021 වසරේ ජාතික චෙස් ශුරතාව හිමිකර ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ  ලොකුගේ සුසාල් මේ වසරේද පිට පිට දෙවැනි වරටත් ජාතික ශුරතාව දිනා ගත්තේය. ඔහු තවමත් 16 හැවිරිදි ක්‍රීඩකයෙකි.

මෙවර තරගාවලියේදී ලොකුගේ  සුසාල් විසින් හිටපු ජාතික චෙස් ශුරයන්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉසුරු අලහකෝන් සහ නාවික හමුදාවේ චන්දන විජේකෝන් පරාජය කරන ලදි. සුසාල් මුහුණදුන් තරග වට 13න් ලකුණු 10ක් ලබාගෙන ජාතික චෙස් ශුරතාවට හිමිකම් කීවේය.

පිරිමි තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්  අතර ලොකුගේ සුසාල් සහ රනිඳු ලියනගේ අතර පැවතියේ කරට කර සටනකි. එය මොනවට පසක් කරමින් දෙදෙනාම තමන් මුහුණදුන් තරග වට 13න් ලකුණු 10 බැගින් සම ලකුණු ලබාගෙන සම  ශුරයෝ වුහ. එහෙත් එක වටයකදී ලොකුගේ සුසාල් විසින් රනිඳු ලියනගේ පරාජය කර තිබීම ඇතුළු චෙස් ක්‍රීඩාවේ සම තත්වය බිදීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමේදී ලොකුගේ සුසාල්ට තරගාවලියේ ශුරතාවත් රනිදු ලියනගේට අනු ශුරතාවත් හිමිවිය .

තරග වට 13න් ලකුණු 8.5ක් ලබාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉසුරු අලහකොන්ට එහි තෙවැනි සථානය හිමිවිය .

2009 ,2011 ,2012 ,2013 යන සිව් වසරේම ජාතික චෙස්  ශුරියවූ කොළඹ ගෝන් ප්‍රී චෙස් ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ මේ  වසරේද  ජාතික චෙස් ශුරතාව දිනාගත්තාය.

තරගාවලිය ආරම්භයේදී මන්දගාමී සටනක නියැලී සිටි සචිනි රණසිංහ සිය අත්දැකිම් හා  පළපුරුද්ද ප්‍රයෝජනයට  ගනිමින් තරගාවලිය අවසාන භාගයේදී එහි වැඩි වාසි තමන් සතුකරගත්තේ හිටපු අනු ශුරියවූ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දිහන්සා ගමගේට වඩා වැඩි ලකුණු භාගයක් ද ඉදිරියේ සිටිමිනි.

සචිනි රණසිංහට තරගවට 13න් ලකුණු 9ක් ලබාගෙන ශුරතාව හිමිකර ගනිත්දී තරග වට 13න් ලකුණු 8.5 ක් ලබාගත් දිහන්සා ගමගේට අනු ශුරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවුවාය.

තරග වට 13න් ලකුණු 8ක් ලබාගත් ජාතික චෙස් ශුරියක්වූ කොළඹ එන්.එස්.බී.එම්. හරිත විශ්ව විද්‍යාලයේ ජනන්දී අබේසිංහට තෙවැනි ස්ථානය හිමිවිය.

 

පිරිමි ශුරතාවලියේ ප්‍රතිපල :-

01.ලොකුගේ සුසාල් (ලකුණු 10) -නාලන්දා විද්‍යාලය ,කොළඹ

02.රනිදු ලියනගේ (ලකුණු 10)-ආනන්ද විද්‍යාලය ,කොළඹ

03.ඉසුරු අලහකෝන් (ලකුණු 8.5)-ශ්‍රී ලංකා නාවික හමුදාව

04.කේ.ජි .ටී .එස් .ඩී. කිරිල්ල (ලකුණු 8) -මලියදේව විද්‍යාලය, කුරුණෑගල

05.නබිල් නශාර් (ලකුණු 7.5)- ගේට්වේ ජාත්‍යන්තර පාසල ,දෙහිවල

06.සාමෙන් කළුආරච්චි (ලකුණු 6.5 )-ශාන්ත මරියා විදුහල කෑගල්ල ,

07 .එස්. ඩී .බී .කේ .සෙනවිරත්න (ලකුණු 6)-මලියදේව විද්‍යාලය කුරුණෑගල ,

08 .ධනුෂ්ක බණ්ඩාර (ලකුණු 6) - වයි. එම්. සී. ඒ. චෙස් ක්‍රීඩා සමාජය -මහනුවර

09 .ලිසර සදමිත් (ලකුණු 5.5)-ධර්මරාජ විද්‍යාලය -මහනුවර ,

10.බුද්ධික අමරසිංහ (ලකුණු 5.5)- සුපර් නයිට් චෙස් ක්‍රීඩා සමාජය

11. ලහිරු සිතිජ (ලකුණු5.5)-මොරටුව විශ්වවිද්‍යාලය

12. බරිජේස් සරවනබවන් (ලකුණු 4.5)-ගේට්වේ ජාත්‍යන්තර පාසල -කොළඹ

13. චන්දන විජේකෝන් (ලකුණු 4.5)-ශ්‍රී ලංකා නාවික හමුදාව

14 .එලාත් මතංග (ලකුණු 3.5) අයි .එෆ්.එස්. ජාත්‍යන්තර ආයතනය -කොළඹ

 

කාන්තා ශුරතාවලියේ ප්‍රතිඵල

01 .සචිනි රණසිංහ (ලකුණු 9)- ගෝන් ප්‍රී චෙස් ක්‍රීඩා සමාජය -කොළඹ

02. දිහන්සා ගමගේ (ලකුණු 8.5)-සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ,කොළඹ

03. ජනන්දී අබේසිංහ (ලකුණු 8)- එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය -කොළඹ

04. පසිදී විජේසුරිය (ලකුණු 7.5)- පර්ස් පොන් චෙස් ක්‍රීඩා සමාජය -කොළඹ

05. මිනෙත්මා වික්‍රමසිංහ (ලකුණු7)-සුජාතා විද්‍යාලය -මාතර

06. සන්දුලා දහම්දී (ලකුණු 7)-මියුසියස් විද්‍යාලය -කොළඹ

07.එම් .එම් .ඩබ්ලිව් .මාපා (ලකුණු 7) උසස් බාලිකා විද්‍යාලය -මහනුවර

08. ඒෂා පල්ලේ (ලකුණු 6.5) - විශාඛා විද්‍යාලය -කොළඹ

09. යසසි අබේසේකර (ලකුණු 6)-සුජාතා විද්‍යාලය -මාතර

10.ඩබ්ලිව්. එම්. එම්. එන්. විජේසිංහ (ලකුණු 6)-උසස් බාලිකා විද්‍යාලය -මහනුවර

11. ලිනායා නිමේන්දී (ලකුණු 5)-බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය - වේයන්ගොඩ

12.ඔනෙලි විතානවසම් (ලකුණු 5)-ලයිසියම් ජාත්‍යන්තර පාසල -වත්තල

13.  චමෝද්‍යා බණ්ඩාර (ලකුණු 4.5 ) -උසස් බාලිකා විද්‍යාලය -මහනුවර

14 .ටියුමි යසෝරා (ලකුණු 4) -කොළඹ විශ්වවිද්‍යාලය

 


අදහස් (0)

සුසාල් - සචිනි ජාතික චෙස් ශුරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.