Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නයෝමි ඔසාකාගේත් ලෝකයේ අංක 1 ක්‍රීඩිකා ඇෂ්ලේ බාටිගේත් හදිසි ඉවත් වීම් හේතුවෙන් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශය පුළුල් ලෙස විවෘත වී තිබේ. එය සෙරීනා විලියම්ස්ගේ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට පාර කපා දෙන්නක් විය හැකි බවද ටෙනිස් විචාරකයන්ගේ මතය වී තිබේ.
වසර 2019 ප්‍රංශ විවෘත ශූරතාව දිනාගත් ඈෂ්ලේ බාටි මෙම තරගාවලියේ ස්ථානගත අංක 1 හිමි ක්‍රීඩිකාව වූ අතර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 කට හිමිකම් කියන නයෝමි ඔසාකා ස්ථානගත අංක 2 හිමි ක්‍රීඩිකාව වූවාය.
ඈෂ්ලේ බාටි ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වූ අතර ඔසාකා පළමු වටයේ ජයග්‍රහණයෙන් පසු ඉවත්ව ගියේ තරගවලින් පසුව පැවැත්වෙන මාධ්‍ය හමුවීම් වලට සහභාගි වීමට බැරි යයි කියමිනි.
ඔවුන් දෙදෙනාගේ ඉවත් වීමත් සමගම අරියානා සබාලෙන්කා ප්‍රංශ විවෘ කාන්තා ශූරතාව දිනාගැනීමට ඉතාමත් ආසන්නයෙන් සිටින ක්‍රීඩිකාව වී තිබේ. අරියානා පසුගිය මාසයේදී මැඩ්රිඩ් හි පැවති සිය පළමු මැටි පිටි ශූරතාව දිනාගත්තේ ඈෂ්ලේ බාටි පරාජය කරමිනි.
“මට මේ අවුරුද්දේ හොඳින් තරග කළ හැකි බව දැනෙනවා. මට විශ්වාසයි මට මේ තරගාවලියේදීත් හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා” යයි පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය අපේක්ෂා කරන සබාලෙන්කා පැවසුවාය.
මේ අතර තවත් බයිලොරුසියානු ක්‍රීඩිකාවක වන වික්ටෝරියා ඇසරෙන්කාද ඉදිරියට එමින් සිටී. ඉතාමත් ආක්‍රමණශීලී ක්‍රීඩිකාවක වන වික්ටෝරියා, පසුගිය වසරේ එක්සත් ජනපද විවෘ ශූරතාවලියේ අවසන් මහ තරගය දක්වා පැමිණි ක්‍රීඩිකාවකි.
ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් කෙරේ වැඩි අවධානය යොමු වී තිබෙන නමුත් ඔවුනට පසුපසින් එන සෙරීනා මේ වන විට තුන්වැනි වටය දක්වා පැමිණ තිබේ.
මේ අතර මාධ්‍ය හමුවීම් වලට සහභාගි විය නොහැකි යයි කියමින් තරගාවලියෙන් ඉවත් වීම “වීර ක්‍රියාවක්” යයි නයෝමි ඔසාකාට පැසසුම් ගලා එමින් තිබේ. ඇයගේ සහායට ඉදිරිපත් වූ අලුත්ම ක්‍රීඩා තරුව වන්නේ බි්‍රතාන්‍යයේ ෆෝමියුලා I රියැදුරු ලුවිස් හැමිල්ටන්ය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.