Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හරිත - හංසදි චෙස් ශූරතා දිනති

හරිත - හංසදි චෙස් ශූරතා දිනති

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ, දෙහිවල ශාස්ත්‍රානන්ද නවෝද්‍යා විදුහලේ පැවති ශ්‍රී ලංකා ජාතික  වයස 12න් පහල බාලක හා වයස 10න් පහල බාලිකා චෙස් තරගාවලියේ මාතර රාහුල විද්‍යාලයේ හරිත හංසන 12න් පහල බාලක ශුරතාව දිනා ගත්තේය. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ හංසදි අකුරැටිය වයස 10න් පහල බාලිකා ශුරතාව දිනාගත්තාය.

වයස 12න් පහල බාලක හා වයස10න් පහල බාලිකා තේරීම් තරගාවලියෙන් තෝරාගත් දිවයිනේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මේ තරගාවලිය පැවැත්විණ .

වයස 12න් පහල බාලක තරගාවලියේ ක්‍රීඩකයින් 100 ක් අතරින් තමන් මුහුණදුන් තරග වට නවයෙන් ලකුණු 7 බැගින් සම ලකුණු  ලබාගත් මාතර රාහුල විද්‍යාලයේ හරිත හංසන හා මහනුවර චන්දානන්ද බෞද්ධ පාසලේ දීසල් නිම්සර සම ශුරයින්වුවද සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී හරිත හංසන ට එහි ශුරතාවත් දිසල් නිම්සරට අනු ශුරතාවත් හිමිවුහ .

තරග වට නවයෙන් ලකුණු 6.5 ක් ලබාගත් යාපනය හින්දු විද්‍යාලයේ බි.ජනුක්ශාන්ට එහි තෙවැනි ස්ථානයත් හිමි විය .

වයස 10න් පහල බාලිකා තරගාවලියේ දී තරග වට 7න් ලකුණු 6.5ක් ලබාගත් රත්නපුර පර්ගිසන් බාලිකා විද්‍යාලයේ හංසදී අකුරැටිය අභියෝගයකින් තොරවම එහි ශුරතාව දිනා ගත්තාය .

තරග වට 7න් ලකුණු 6 බැගින් සම ලකුණු  ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සස්මි සිතුම්සා සහ කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔශිනි ගුණවර්ධන සම අනු ශුරියන්වුවද සම තත්ත්වය බිදීමේදී සස්මි සිතුම්සාට තරගාවලියේ අනු ශුරතාවත් ඔශිනි ගුණවර්ධනට එහි තෙවැනි ස්ථානයත් හිමි වුහ .


අදහස් (0)

හරිත - හංසදි චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.