Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීණතම මේස පන්දු පුහුණුකරුවකු වන හසිත සමරවීර මහතා ස්වීඩනයේ ‘ස්ටොක්හෝම්’ නුවරදී නිමාවට පත්වුණු අධිතාක්ෂණ අන්තර්ජාතික මේස පන්දු පුහුණු පාඨමාලාව සමත් වෙමින් සහතිකපත් ලැබීය. මෙම පාඨමාලාවට ආසියාවෙන් නිර්දේශ වුණු අයඳුම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන්නේද සමරවීර මහතාය.
ඒ සඳහා අන්තර් ජාතික මේස පන්දු සම්මේලනය කැඳවූ සම්මුඛ පරීක්ෂණයෙන් නිර්දේශ කර ගත්තේද ලොව පුරා මේස පන්දු පුහුණුකරුවන් අතරින් 12 දෙනකු පමණි.
හසිත සමරවීර මහතා ශ්‍රී ලංකා කණිෂ්ඨ මේස පන්දු කණ්ඩායම් නිත්‍ය පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා තරග දිනූ ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර මේස පන්දු තරඟාවලි ගණනාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබේ.
මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු ලෙස එවකට එහි මේස පන්දු කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කර තිබේ. ඔහු මේස පන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ පුත්‍රයායි.
ජාත්‍යන්තර අදියර – 1 මේසපන්දු පුහුණුකරු මැසිමෝ කොන්ස්ටන්ටිනී, ස්වීඩනයේ ඔලිම්පික් මේසපන්දු පුහුණුකරු ඇන්ඩර්ස් තන්ස්ට්රොම් යන මහත්වරුන් අතින් පුහුණු පාඨමාලාව නිමාවේදී හසිත සමරවීර මහතා සහතික පත් ලබා ගත් අයුරු.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.