Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හෑන්ඩ්බෝල් ප්‍රධානීන් 3 කට තනතුරු දැරීමේ තහංචි

හෑන්ඩ්බෝල් ප්‍රධානීන් 3 කට තනතුරු දැරීමේ තහංචි

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනයේ සභාපති ධුරයේ කටයුතු කරමින් සිටි සමයේදී එහි මූල්‍ය ප්‍රකාශනය විගණනයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව චෝදනා ලැබූ හිටපු සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු මහතා ඇතුළු එහි ප්‍රධානීන් තිදෙනකුට මතු කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක, අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක ගෙවීම් හෝ ගෙවීම් නොලබන කිසිදු තනතුරක් දැරීම තහනම් කර තිබේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මුතුමාල මේ සම්බන්ධයෙන් නියෝග කරමින් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ මෙම තහනම අත්පන්දු සම්මේලනයේ හිටපු ලේකම් ගිහාන් දල්පදාදු හා හිටපු භාණ්ඩාගාරික කර්නල් රොහාන් වෙත්තසිංහ යන මහත්වරුන්ටද බලපැවැත්වෙන බවයි.

අත්පන්දු සම්මේලනයේ හිටපු සභාපති දම්පත් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ වත්මන් සභාපතිවරයාද වන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු උප සභාපතිවරයෙකු ද වේ.  

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ෂණයකට අනුව වසර 2022 ට අදාළව අත්පන්දු සම්මේලනයේ මූල්‍යමය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් නොකිරීමට අපොහොසත්වීම හා ඒ සම්බන්ධයෙන් චෝදනාලාභී නිලධාරීන් සාමූහික වගකීම් ඉටුකිරීම පැහැර හැර තිබේ.

ඒ සඳහා පසුගිය මාර්තු 31 වැනිදා දක්වා අතිරේක සහන කාලයක්ද ලබාදී තිබූ බව වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වර්යාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අතර මෙම හිටපු නිලධාරීන් ඔවුන්ගෙන් පසුව අත්පන්දු සම්මේලනයට පත්වූ නව විධායක සභාව වෙත ගිණුම් ලිපිලේඛන, පොත්පත් අංග සම්පූර්ණව නිවැරදිව හා නීත්‍යානුකූලව බාරදීමට ක්‍රියාකර නැති බවටද විමර්ෂණයේදී චෝදනා ලබා තිබේ.


අදහස් (0)

හෑන්ඩ්බෝල් ප්‍රධානීන් 3 කට තනතුරු දැරීමේ තහංචි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.