Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී රන් පදක්කම බෙල්ජියමට

හොකී රන් පදක්කම බෙල්ජියමට

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ හොකී (පිරිමි) රන් පදක්කම දිනාගැනීමට බෙල්ජියම  සමත් විය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගය ගෝල 1-1 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහරක් 3-2 ක ජයක් වාර්තා කරමින් බෙල්ජියම් ක්‍රීඩකයෝ එම පදක්කමට හිමිකම් කීහ.

තරගයේ මුල් කාර්තු දෙක තුළදී ගෝල ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයන් අසමත් වීම හේතුවෙන් පළමු අර්ධය නිමාවට පත්වන විට තරගය ගෝල 0-0 ක් ලෙස සම තත්ත්වයේ පැවතිණ.

තෙවැනි කාර්තුව තුළදී ගෝලයක් ලබාගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුවද, සිවුවැනි කාර්තුව තුළදී ගෝලයක් ලබාගත් ජර්මනිය නියමිත කාලය අවසන් වන විට යළිත් තරගය සම තත්ත්වයට ඇද දැමීය.

ඉන් අනතුරුව තරගයේ ජයග්‍රාහකයා ‍තෝරා ගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිණ. එහිදී දඬුවම් පහර 3 ක් සාර්ථක කර ගැනීමට බෙල්ජියම සමත් වෙද්දී, ඕස්ට්‍රේලියාවට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 2 ක් පමණි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයේ හිමිකරුවා බවට ටොම් ජෝෂප් පත් වූ අතර බෙල්ජියම වෙනුවෙන් ‍වාර්තා වූ ‍ගෝලයට ‍ෆ්ලොරන්ට් ඕබෙල් හිමිකම් කීය.  

-036


අදහස් (0)

හොකී රන් පදක්කම බෙල්ජියමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.