Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ළාබාලතම ෆිඩේ මාස්ටර් බවට පත්වී තිබේ.
ලෝක චෙස් සම්මේලනය (FIDE) විසින් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman FIDE Master - WFM) යන නතතුර පසුගියදා නිල වශයෙන් පිරිනමන ලදි.
ලෝක චෙස් සම්මේලනය විසින් පසුගිය වසරේ (2023) ඊජිප්තුවේදී පැවත්වන ලද ආධුනික චෙස් තරගාවලියේදී වයස අවුරුදු 12 න් පහළ කාණ්ඩයේදී ඔෂිනි ගුණවර්ධන ලැබූ විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම පදවිය ඇයට පිරිනමා ඇත.
ලෝක චෙස් ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු1900 ක් ලබා නොතිබූ අවස්ථාවේදී කොන්දේසි සහිතව වුමන් ෆිඩේ මාස්ටර් (Woman FIDE Master - WFM) ගෞරව නාමය දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධනට මීට පෙරදී පිරිනමන ලදි. පසුව ඇය එම ශ්‍රේණිගත කිරීම් අභිබවා යාමත් සමගින් ලෝක චෙස් සම්මේනලය විසින් නිල වශයෙන් වුමන් ෆිඩේ මාස්ටර් පදවිය පිරිනැමීමට කටයුතු යොදා ඇත.
රත්නපුර ෆර්ගියුසන් උසස් පාසලෙන් චෙස් ක්‍රීඩාවට අත්පොත් තබා පසුව කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලට ඇතුළත් වූ ඔෂිනි ගුණවර්ධන ජාත්‍යන්තර චෙස් ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ හොඳම යොවුන් චෙස් ක්‍රීඩිකාවන් අතුරින් මෑත කාලයේදී වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.