Last Update  :  2025-04-23 12:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘අනදර් ඒස්’ අසු ආණ්ඩුකාර කුසලාන දිනයි

‘අනදර් ඒස්’ අසු ආණ්ඩුකාර කුසලාන දිනයි

editorial - 2023 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය තුරඟ සමාජය විසින් සංවිධානය කරන ලද ආණ්ඬුකාර කුසලාන තුරඟ තරගාවලියට සටන්කාමී අවසානයක් තිළිණ කර දෙමින් මෙවර ආණ්ඬුකාර කුසලාන දිනාගැනීමට කේ. සායි කිරන් අසරුවා විසින් මෙහෙයවන ලද ‘අනදර් ඒස්’ අසු සමත් විය. හසංග ජයරත්න මහතා සහ පබා ජයරත්න මහත්මිය එම අසුගේ හිමිකාරීත්වය දරති. 

වසර 147 ක ඉතිහාසයක් ඇති ආණ්ඬුකාර කුසලාන තරගය මෙවර මීටර් 1600 ක දුරකින් සමන්විත වූ අතර තරගය ආරම්භයේ සිටම ‘මොරිටේනියා’, ‘ලෙජන්ඩරි ප්‍රින්සෙස්’, ‘වෙස්ටන් වින්ඩ්’ සහ ‘අනදර් ඒස්’ යන අසුන් අතර සිවුකොන් සටනක් නිර්මාණය විය. අවසානයේ ජයරත්න අශ්වගාලටමට අයත් තුරඟෙකු වන වෙස්ටන් වින්ඩ් තත්පර කිහිපයක පමාවෙන් දෙවැනියා ලෙස තරගය නිමා කළේය. 

කේ. විවේක් අසරුවා විසින් ‘වෙස්ටන් වින්ඩ්’ අසු දෙවැනි ස්ථානය කරා මෙහෙයවනු ලැබූ අතර නිඛිල් පාර්මර් විසින් මෙහෙයවන ලද ‘ලෙජන්ඩරි ප්‍රින්සෙස්’ වෙළඹ එම තරගයේ තෙවැනි ස්ථානයට පත් විය. ආරම්භයේ සිටම ඔවුන් සමග කරට කර තරග වැදුණ ‘මොරිටේනියා’ අසුට තරගයේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

ආණ්ඬුකාර කුසලාන තරගයට පෙර පැවැති රැජින කුසාලන තරගයේදී නිඛිල් පාර්මර් විසින් එඩ්වඩ්ස් අශ්වගාලට මෙවර තරගාවලියේ එකම ජයග්‍රහණය අත්කර දෙනු ලැබුවේ ‘රෝයල් ක්‍රිස්ටල්’  අසු මෙහෙයවමිනි. එම තරගය මීටර් 2000 ක දුරකින් සමන්විත විය. එල්. රවී කුමාර් විසින් මෙහෙයවන ලද ‘හියර් ඇන්ඩ් නව්’ අසු සහ පී. අජීත් කුමාර් විසින් මෙහෙයවන ලද ‘කොස්මික් ෆීලිං’ අසු පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ. 

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, නිපොන් පේන්ට් සමාගමේ සාමාන්‍යාධිකාරී නේමන්ත අබේරත්න යන මහත්වරුද ආරාධියන් ලෙස එම අවස්ථාවට එක් වූහ. 

 


අදහස් (0)

‘අනදර් ඒස්’ අසු ආණ්ඩුකාර කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.