Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පැරණිතම පාපැදි ක්‍රීඩා සමාජයක් වන ෆ්ලයින් වීල් පාපැදි ක්‍රීඩා සමාජයේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් 71 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සමගාමීව සංවිධානය කරන ‘නිදහස් උදාන’ ස්ටෑන්ඩඞ් පාපැදි සවාරිය පෙබරවාරි 04 වැනිදා පෙරවරු 9.00 ට හැඳල, කෙරවලපිටිය මංසන්ධියෙන් ආරම්භ වේ.
වට පහකින් සමන්විත මෙම පාපැදි තරගයේ මුල් වට හතර කෙරවලපිටිය මංසන්ධියෙන් ආරම්භ කර හැඳල හංදියෙන් වමට හැරී, මහබාගේ වැලිසර පසුකර කඳාන මංසන්ධියට ගොස් වමට හැරී පුබුදුගම පාරෙන් ඉදිරියට ගොස්, පිංවත්ත හංදියෙන් වමට හැරී, උස්වැටකෙයියාව, දික්ඕවිට, ඇලකන්ද පසුකර හේකිත්ත මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගොස් ගාල හන්දිය හරහා හැඳල හන්දියට පැමිණීමට නියමිතය. අවසාන වටය ඉහත මාර්ගයේම ගොස් හැඳල සිට මහබාගේ, වැලිසර පසුකර කඳාන මංසන්ධියට ගොස් වමට හැරී පුබුදුගම පාරෙන් ඉදිරියට ගොස් පිංවත්ත හන්දියෙන් වමට හැරී උස්වැටකෙයියාව, දික්ඕවිට හරහා ඇළකන්ද මංසන්ධියෙන් වමට හැරී හැඳල පාර ඔස්සේ කෙරවලපිටිය මංසන්ධියෙන් අවසන් වේ. සමස්ත තරගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 115.5කි.
විවෘත සහ වයස අවුරුදු 23න් පහළ ලෙස කොටස් දෙකකින් පැවැත්වෙන මෙම තරගයේ දී විවෘත ස්ටෑන්ඩඞ් තරගයේ පළමුවැනි ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට රුපියල් 75,000 ක් පිරිනැමේ. දෙවැනි ස්ථානය සඳහා රුපියල් 50,000 ක්ද තුන්වැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක්ද, වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර 10 වැනි ස්ථානය දක්වාත් මුදල් ත්‍යාග පිරිනැමේ.
වයස අවුරුදු 23න් පහළ ස්ටෑන්ඩඞ් පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 25,000 ක්ද දෙවන ස්ථානය සඳහා රුපියල් 15,000 ක්ද තෙවන ස්ථානය සඳහා රුපියල් 10,000 ක්ද පිරිනැමීමට නියමිතය.
විවෘත තරගය සහ 23 න් පහළ තරගයත් එකම විට පැවැත්වෙන හෙයින් විවෘත තරගයේ ජයග්‍රහණය වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයෙකු අත්කරගතහොත් එම ක්‍රීඩකයාට ත්‍යාග දෙකක් දිනා ගැනීමට අවස්ථාව තිබේ.
තරගකරුවන් පෙබරවාරි 04 වැනි දින පෙරවරු 7.30ට තරග ආරම්භක ස්ථානයට වාර්තා කළ යුතු බව සංවිධායකයෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.