Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී අද (22) ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන මෙම තෙදින තරගය 24 වැනිදා අවසන් වීමට නියමිතය.
මෙම තරගය ආරම්භ වී ඇත්තේ 1900 වසරේදීය. ශ්‍රී ලංකාවේ අතිශය කැළඹුණු වාතාවරණ වලදී පවා අඛණ්ඩව වාර්ෂිකව මෙම තරගය පවත්වා තිබීම විශේෂත්වයකි.
මෙවර තරගයේ සත්කාරකය දරණ සාන්ත තෝමස් විද්‍යාලය මේ දක්වා පවත්වා ඇති වාර්ෂික ක්‍රිකට් තරග 118 අතුරින් තරග 33 ක් ජයග්‍රහණය කර තිබේ. සාන්ත සර්වේශස් විද්‍යාලය තරග 27 ක් ජයග්‍රහණය කර ඇත. ඉතිරි තරග 57 ක් ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබේ.
සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ නිමල් මුණවීරගේ නායකත්වයෙන් 1971 වසරේදී වන අතර සාන්ත තෝමස් විද්‍යාලය 2007 වසරේදී තාරක දුෂ්‍යන්ත ගේ නායකත්වයෙන් අවසන් වරට තරගය ජය ගෙන ඇත.
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන රුචිර පල්ලියගුරු, කසුන් මධුශංක සහ කසුන් රාජිත යන ජාතික සහ ජාත්‍යන්තර මට්මේ ක්‍රීඩකයන් සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අතපොත් තැබුවෝ වෙති. ඉන්දික සේරම් හා ප්‍රභාත් නිශ්ශංක යන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.
මෙවර සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස චරිත් හර්ෂණ දයානන්ද ද, සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස මිහිසල් අමෝද ද, කටයුතු කරති.
සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම: මැද පෙළ වමේ සිට: චිරත් නෙත්සර, රිතික් අනුරාධ, පුෂ්පිත ඩිල්ෂාන්, පසන් නෙත්සර, රුවින්ද රෝචන, මතීෂ මධුෂාන්, චේතක දෙනුවන්, ජනිදු ශංක දිදුලන්ත, හිරුන් අංජන, නිපුන් රංගිත්, රිසිර ලක්වින් සහ වරුණ ගමගේ. පසු පෙළ වමේ සිට: චිහාන් කලිදු, දිනිරු, නවීන් සාහිත් සහ දිනුර දිල්මිත් |
සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම- ඉදිරි පෙළ වමේ සිට: සචිර රෂ්මික, කවිදු රිද්මාල්, චරිත් පල්ලියගේ මහතා (පුහුණුකරු), මිහිසල් අමෝද (නායක), ඩබ්ලිව්. බී. පියතිස්ස මහතා (විදුහල්පති), ගිසන්තික ජයවීර (උප නායක), රුවනි රුබසිංහ (ක්‍රීඩා භාර ආචාරිනී) සහ හිරන්ත ලක්ෂාන් මැද පෙළ වමේ සිට: චාමික රාමසිංහ, වෝෂිත අත්සර, හසරු ද සිල්වා, හරිදු ජයසේකර, එනුක බුද්වින්, දුමිදු හන්සක, හිරුෂ ජීවදිත්, සිනෙත් සිතාර, නිමන්තක භාෂන පසු පෙළ වමේ සිට: සතිර තීක්ෂන්, ඉසුරු විහග, නිපුන් රුචිර, අශේන් ෂවින්ද, ජනක පවන්, සන්චිත රණසිංහ සහ සංජය මධුරංග. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.