Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේදී 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ජපානයේ සීබා ප්‍රාන්තයේ සම්මු නගර සභාව ඉදිරිපත්ව සිටියි.
සම්මු නගර සභාවේ නගරාධිපති සිශිකුරා හිරෝ යෂු, නියෝජ්‍ය නගරාධිපති තකනශි කද්‍යෙයෝෂි යන මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවී අනුග්‍රහය පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන්නේය.
ඇතුල්කෝට්ටේ මහින්දාරාමාධිපති, ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේකම් ශ්‍රී ජයවර්ධනපුර සංඝනායක මීගහවත්තේ චන්ද්‍රසිරි නාහිමියෝ මෙම අනුග්‍රහය පිරිනැමීමේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළහ.
සම්මු නගර සභාවේ නියෝජිතයෝ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමඟ සාකච්ඡා කළ අවස්ථාව. මීගහවත්තේ චන්ද්‍රසිරි නාහිමියෝ ද මෙහි වෙති.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.