Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති 21 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරග විසඳුමකින් තොරව ඊයේ (23 වැනිදා) අවසන්විය.
පළමු දිනය අවසන් වනවිට ශ්‍රී රාහුල විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 105 ක් රැස්කර ප්‍රබල ස්ථානයක පසුවුවද පසුදින ලකුණු 70 ක් ඉතිරි කඩුලු 8 දවාගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලීය පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව දෙපිලේම පළමු ඉනිමේ ලකුණු සමවිය.
පළමු දිනය අවසන් වනවිට ලකුණු 20 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජනිත් මාඉටිපේ සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට සමත්වුවද අනෙක් අන්තයේ පන්දුවට පහදුන් මදුෂාන් පරණවිතානට දෙවැනි දිනයේදී ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොවීය.
සමීර ළහිරු කඩුලු 4 ක් ද ඉසුර කුලතුංග කඩුලු 3 ක් සහ තේනුක ඒකනායක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල විද්‍යාලය දෙවැනි දිනය අවසන් වනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 82 ක් රැස්කර සිටියේය.
ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලුදෙනා දැවී ලකුණු 175
(අවිෂ්ක පුෂ්පකුමාර 55, චාමර බණ්ඩාර 52, ශෙමෙල් නෙරද්‍ය 22, දිල්ෂාන් අරඹේගෙදර 50/5)
ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලුදෙනා දැවී ලකුණු 175
(ජනිත් මාඉටිපේ 50, තරිඳු ෆොන්සේකා 48, මදුෂාන් පරණවිතාන 24, ක්‍රිෂාන්ත දිල්ෂාන් 21, සමීර ළහිරු 55/4, ඉසුර කුලතුංග 26/3, තේනුක ඒකනායක 22/2)
ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 82
(අවිෂ්ක පුෂ්පකුමාර 28, චාමර බණ්ඩාර නොදැවී 25, ක්‍රිෂාන්ත දිල්ෂාන් 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.