Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 23න් පහළ පැසිපන්දු පුහුණුකරු තරිඳු

23න් පහළ පැසිපන්දු පුහුණුකරු තරිඳු

editorial - 2021 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා මොංගෝලියාවේදී පැවැත්වීමට නියමිත වයස 23 න් පහළ ලෝක පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරැ ලෙස තරිඳු ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය මෙම පත්වීම කර තිබේ. ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවද ඔහු ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායමේ පුහුණුකරැ ලෙස කටයුතු කිරීමට නියමිතය.

මේ වන විට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ පැසිපන්දු පුහුණුකර ලෙස කටයුතු කරන තරිඳු මහතා, මෙරට සිටින දක්ෂ තරුණ පැසිපන්දු පුහුණුකරැවකු ලෙස නම් දරා සිටියි. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශුරතා රැසක් දිනාගැනීමට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකා‍වෝ සමත් වූහ.

“ඔබ එහි සිටින ලොකුම, වේගවත්ම, ශක්තිමත්ම ක්‍රීඩකයා විය යුතු නැහැ. ඔබට ඔබගේ උස පාලනය කරන්න බැහැ. සෙසු තරඟකරුවන් සමග සන්සන්දනය කරන විට ඔබගේ ක්‍රියාශීලිත්වය පාලනය කරන්න බැහැ. නමුත් ඔබට ඔබගේ උත්සාහන් පාලනය කරගන්න පුලුවන්. ඔබගේ ආකල්ප පාලනය කරගන්න පුලුවන්. ඔබගේ ආචාර ධර්ම පාලනය කරගන්න පුලුවන්“ යැයි නව තනතුරට පත්වීමෙන් පසුව තරිඳු මහතා පැවසීය.

ජාතික යොවුන් කණ්ඩායමේ පුහුණුකරැවාගේ වගකීම තමා වෙත පැවරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පැසිපන්දු සංගමට සිය ස්තුතිය පුදකළ තරිඳු මහතා, ශ්‍රී ලංකාවේ පැසි පන්දු ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතාටද ස්තුති කළේය. ‍

 

-036

 


අදහස් (0)

23න් පහළ පැසිපන්දු පුහුණුකරු තරිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.