Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 61 වැනි ‘මැංගුස්’ සටන අද - හෙට

61 වැනි ‘මැංගුස්’ සටන අද - හෙට

Nisanka Sandeepani - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි මහ විදුහල අතර 61 වැනි ‘මැංගුස්’ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද සහ හෙට (29 සහ 30) දෙදින පැවැත්වේ. 
 
ක`ඵතර මහ විදුහලෙන් දුලිප් ලියනගේ, මාලිංග බණ්ඩාර, තිලකරත්න ඩිල්ෂාන්, සුජීව ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන යන ටෙස්ට් ක්‍රීඩකයන් පස් දෙනකු බිහිකර තිබීම කැපී පෙනේ. 
 
මෙම මහ ක්‍රිකට් තරගයේ මේ දක්වා පැවැති තරග 60 න් කළුතර මහ විදුහල තරග 21 ක් ද, තිස්ස මැදි මහ විදුහල තරග 6 ක් ද, ජය ලබා තිබේ.
 
මෙවර කළුතර මහ විදුහල් පිලේ නායකයා ලෙස කවිඳු ගයේෂාන් ද, තිස්ස මැදි මහ විදුහල් පිලේ නායකයා ලෙස රොහාන් සංජය ද, කටයුතු කරති.
 
මෙවර කළුතර මහ විදුහල් පිලේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක අවිෂ්ක ලක්‍ෂාන් හැදින්විය හැකිය. අවිෂ්ක මෙම තරග වාරයේදී ලකුණු 590 ක් රැස්කරමින් කඩුලු 71 ක් දවාගැනීමට සමත්ව සිටියි. 
 
විෂාර ශෂ්මික (ලකුණු 724) සහ ප්‍රබෝද් තමූෂ (ලකුණු 704) මෙම තරග වාරයේ කළුතර මහ විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ප්‍රබලතම පිතිකරුවෝ වෙති. 
 
වමතින් දඟ පන්දු යවන නායක කවිඳු ගයේෂාන් මෙම තරග වාරයේ කඩුලු 74 ක් දවාගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්ව සිටියි.  
 
මෙවර තිස්ස මාධ්‍ය විද්‍යාලයීය පිලේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ නායක රොහාන් සංජය හැදින්විය හැකිය. රොහාන් මෙම තරග වාරයේ තරග පහකට පමණක් ක්‍රීඩා කර ලකුණු 380 ක් රැස්කරමින් කඩුලු 42 ක් දවාගෙන තිබේ. 
 
උප නායක කෝසල රවිඳු (ලකුණු 690), අෂේන් චනුල (ලකුණු 422), නිතිල් සහස්මික (ලකුණු 410), අෂේන් ජයතිලක (ලකුණු 440) සහ රසාංජන අරවිඳු (ලකුණු 385) තිස්ස විදුහල් පිලේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති. 
 
දකුණතින් වේග පන්දු යවන රසාංජන අරවිඳු කඩුලු 90 ක් දවාගනිමින් මෙවර තිස්ස මැදි මහ විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. ඊට අමතරව කෝසල රවිඳු මෙම තරග වාරයේ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටියි.   
 
කළුතර මහ විදුහල් සංචිතය:
කවිඳු ගයේෂාන් (නායක), ප්‍රබෝද් තමූෂ (උප නායක), අවිෂ්ක ලක්‍ෂාන්, විෂාර ශෂ්මික, දිලීෂ් අරුණෝද්‍ය, විහ්මිත කොස්තා, ක්‍රිෂාන් විරංග, ගෂේන් මන්තක, ගිහාන් සංජන, හංසක අනූපම, සදීප් කවිෂ්ක, ශවීන් අනුක, දිනුක තිසර සුනෙර අගතිසි, මිලිඳු පැහැසර, යුතික දිල්රුක් සහ විශ්ව ධනංජය
ප්‍රධාන පුහුණුකරු - සුනිල් සළුවඩන මහතා, කනිෂ්ඨ පුහුණුකරු - බුද්ධික මධුෂාන්ත මහතා 
 
කළුතර තිස්ස මැදි මහ විදුහල් සංචිතය:
රොහාන් සංජය (නායක), කෝසල රවිඳු (උප නායක), රසාංජන අරවිඳු, අෂේන් චනුල, නිතිල් සහස්මික, හේෂාන් උමින්ද, හර්ෂ මධුසංඛ, ඔෂේම් නිමරෝත්, අෂේන් ජයතිලක, අවිෂ්ක දේවින්ද, ජනිත් ලක්රුවන්, ධනුක නිශාද්, චමල් සාරංග, ප්‍රමුත් ප්‍රසංග, පසිඳු මල්ෂාන්, සුරේෂ් නිශ්ශංක, ළහිරු තාරක, නිමේෂ් සාලින්ද සහ අංජන සංකල්ප
ප්‍රධාන පුහුණුකරු - රිෂාන් සජිත් සිල්වා මහතා, සහාය පුහුණුකරුවෝ: දිමුතු ද සිල්වා සහ හේෂාන් ලක්‍ෂිත යන මහත්වරු 

අදහස් (0)

61 වැනි ‘මැංගුස්’ සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.