Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 67 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (23) පස්වරුවේ විසඳුමකින් තොරව අවසන් විය. ‘රන් හටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරු 5.00 ට පමණ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අවසන් කරන විට ලකුණු 186 ක ජයග්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි මොරටු මහ විදුහල කඩුලු හතරක් දැවී ලකුණු 37 ක් රැස්කර සිටියේය.
ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිමේදී කඩුලු හතක් දැවී ලකුණු 124 ක් රැස්කර ඉනිම අත්හිටුවා මොරටු මහ විදුහලට ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් බාර කළේය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (22) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු හයක් දැවී ලකුණු 75 ක් රැස්කර සිටි මොරටු මහ විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිමේදී ලකුණු 61 ක වාසියක් ලබාගත්තේය.
මධුෂාන් දිලංක්‍ෂණ ලකුණු 50 ක් රැස්කරමින් මොරටු මහ විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. අනුක් ජයසිංහ ලකුණු 44 කට කඩුලු හතරක් දවාගත්තේය.
ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම ඕවර 67.4 කදී සියලු දෙනා දැවී 192
(තරණ ද සිල්වා 71, ජනිඳු ඉඳුවර 51, ශානදිත් ප්‍රනාන්දු 20, චමල්ක ප්‍රනාන්දු 10/2, නිරාජ් කවිෂ්ක 11/2)
මොරටු මහ විදුහල - පළමු ඉනිම ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 131
(චමල්ක ප්‍රනාන්දු 32, මධුෂාන් දිලංක්‍ෂණ 50, අනුක් ජයසිංහ 44/4, මිහිරංග ප්‍රනාන්දු 17/2, ජනිඳු ඉඳුවර 28/2)
ශ්‍රී සුමංගල විදුහල - දෙවැනි ඉනිම ඕවර 54 කදී කඩුලු 7 ට 124
(ඉමෙත් ගම්පොළ 36, ප්‍රභාත් ජයසේකර 26, ජනිඳු ඉඳුවර 26, මිහිරංග ප්‍රනාන්දු 20, රෂාන් කවිෂ්ක 22/3, එරාන් හංසමාල් 42/2)
මොරටු මහ විදුහල - දෙවැනි ඉනිම ඕවර 13 කදී කඩුලු 4 ට 37
(නිෂාන් මධුෂ්ක 23, තරණ ද සිල්වා 16/3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.