Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගරු මහින්දානන්ද අලූත්ගමගේ
කී‍්‍රඩා අමාත්‍ය
කී‍්‍රඩා අමාත්‍යංශය
අමාත්‍ය කාර්යාලය
අංක 33, ටොරින්ටන් මාවත,
කොළඹ 07
ශී‍්‍ර ලංකාව
අනු අංකය 2013/ජේ.පී.වයි
ලූසේන්, 2013 නොවැම්බර් 15 වැනිදා
ශී‍්‍ර ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය සම්බන්ධ තත්ත්වය
හිතවත් අමතිතුමනි,
අප විසින් 2013 සැප්තැම්බර් 6 වැනිදා ඔබතුමන්ට එවන ලද ලිපියට (ඔබගේ විමසා බැලීම සඳහා මේ සමග අමුණා ඇත) අනුයාතව මේ ලිපිය ලියැවෙන අතර එම ලිපිය සම්බන්ධයෙන් ඔබගේ ප‍්‍රතිචාරය තවමත් අපට ලැබී නැත.
සැප්තැම්බර් 6 වැනිදා ලිපියෙන් ඉතාමත් පැහැදිළිව අප සඳහන් කළ පරිදි, ශී‍්‍ර ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය සහ ඔබගේ රටේ පවතින කී‍්‍රඩා නීති රීති සම්බන්ධ ව්‍යවස්ථාව අතර මූලික ප‍්‍රතිපත්ති ගැලපෙන සංහිඳියාවක් ඇතිකිරීමට මේ දක්වා පියවර ගෙන නැති බවක් අවාසනාවකට මෙන් පෙනෙන්නට තිබේ.
ඊට විසංවාදී ලෙසින්, අපගේ වැටහීම වන්නේ, තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවත්, ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සහ අනෙකුත් කී‍්‍රඩා පාලක සංගම් කෙරෙහිත් බාහිර බලපෑම් සහ ඇගිලි ගැසීම් කෙරෙන බවත්ය.
මෙවන් තත්ත්වයක් යටතේ, ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවට සන්සුන් වාතාවරණයක් මත නිදහස් හා සාධාරණ නිලවරණයක් පැවැත්වීමේ අවස්ථාවක් නැති බව අපගේ හැගීමයි.
එබැවින්, ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව හා කී‍්‍රඩා නීති රීති සම්බන්ධ ප‍්‍රතිශෝධනයක් සහිත ”නිසි ගමන් මගක්” ඇතිකරගත යුතු බව අපි සලකා බලමින් සිටින්නෙමු. මෙම ගමන්මග කිසියම් සාධාරණ කාල වකවානුවක් තුළදී (උදාහරණයක් වශයෙන් මාස හයක කාලයක්) සම්පූර්ණ කළ යුතුවන අතර එය අවසන් වූ පසු, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ආසියානු ඔලිම්පික් සංගමයේ නිරීක්‍ෂකයන් අබිමුව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්විය හැකිය.
අදාළ පාර්ශ්වයන්ගේ සුපරීක්‍ෂාකාරීත්වය සහ පූර්ණ එකගතාව ඇතිව, මෙම තත්ත්වය සමාලෝචනය කිරීම සඳහාත්, විශේෂයෙන් මෙම කාරණයේදී කී‍්‍රඩා නිතිරීති සම්බන්ධයෙන් ඔබතුමන්ගේ මැදිහත්වීමද ඇතිව, ඉහත සඳහන් ”නිසි ගමන් මග” ස්ථාපිත කිරීම සඳහාත් 2013 නොවැම්බර් මස 27 වැනිදා, ස්විට්සර්ලන්තයේ ලූසේන්හි පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී ඔබතුමන් සහ ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයන් සමගින් හදිසි හමුවීමකට අපි කැමැත්තෙමු.
අතිශයින් වැදගත් වන එම හමුවීම සඳහා ඔබතුමන්ගේ සහභාගීත්වය හැකි ඉක්මනින් ස්ථිර කරන්නේ නම් ඔබතුමන්ට ස්තුති වන්නෙමු.
මෙම බැරූරුම් තත්ත්වය සම්බන්ධයෙන් සියලූ දෙනාටම වැටහීමක් ඇති බවත්, ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාව සහ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන්, ඔලිම්පික් ව්‍යාපාරය මෙහෙයවෙන මූලික හරපද්ධතීන්ට සරිලන විසඳුමක් අප අබිමුව ඇති ප‍්‍රශ්නයට සොයාගැනීම සඳහා සියලූ දෙනාම අත්වැල් බැඳ එක්වනු ඇති බවත් අපි විශ්වාස කරමු.
ඔබතුමන්ගේ ප‍්‍රතිචාරය අප බපාපොරොත්තුව සිටින අතරම මේ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ වටහාගැනීම සහ සහයෝගය සම්බන්ධයෙන් ස්තුති කරමු.
ඔබගේ අවංක වූ
(අත්සන් කළෝ)
පියරේ මීරෝ
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා අධ්‍යක්‍ෂක
සහ
හුසේන් අල් මුසාලම්
ආසියානු ඔලිම්පික් සංගමයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක
ඇමුණුම් :
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් සංගමය විසින් එවන ලද 2013 සැප්තැම්බර් 6 දාතම සහිත ලිපිය
පිටපත්:
තෝමස් බෙක් - අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති
ෆ‍්‍රැන්සෙස්කෝ රිකී බිටී - ගිම්හාන ඔලිම්පික් සංගම් සම්මේලනයේ සභාපති
අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලන
ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.