Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශූරයන් හා ශූරියන්ට රුපියල් ලක්ෂයක් බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන අන්තර් දිස්ත්‍රික් කබඩි තරඟමාලාව ලබන ජනවාරි 9-10 දෙදින ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට නියමිතය.
වසර 2020 මාර්තු මාසයේ සිට රට තුළ උද්ගතවූ කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව දේශිය කබඩි තරඟාවලියක් සංවිධානය කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා දිස්ත්‍රික් හා කලාප 25 කට අයත් කාන්තා හා පිරිමි කණ්ඩායම් 25 ක් බැගින් සහභාගි වෙති.
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසුවේ කරැණු දෙකක් නිසා මෙම තරඟාවලිය විශේෂ වැදගත්කමක් ගන්නා බවයි. ඒ දේශීය කබඩි තරඟාවලියකට මෙතෙක් පිරිනමන ඉහළම ත්‍යාග මුදල් ලබාදීමත් හා පළමු වතාවට ජාතික තරඟාවලිය දිස්ත්‍රික් කණ්ඩායම් 7 සහභාගීත්වයෙන් පැවැත්වීමත්ය.
කබඩි සම්මේලනයේ ඉලක්කය දිස්ත්‍රික්ක මට්ටමින් රට තුළ කබඩි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම බවත් එහිදී ජාතික තරඟාවලියේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවෙන බවත් අනුර පතිරණ මහතා පැවැසීය.
මෙතෙක් ජාතික ශූරතාවලියට සහභාගී වූයේ ක්‍රීඩා සමාජ කණ්ඩායම්ය.
ඒ අනුව කාන්තා හා පිරිමි තරඟාවලි දෙකේම ශූරයන් අනුශූරයන් සඳහා රැපියල් ලක්ෂයක්, රැපියල් 50,000 ක් සහ රුපියල් 15,000 ක් බැගින් ප්‍රදානය කෙරේ. තරඟමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ප්‍රදානය කෙරෙන විශේෂ මුදල් ත්‍යාගය වටිනාකම රුපියල් 15,000 කි.
දේශීය කබඩි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට රැපියල් කෝටි හතරකට වැඩි මුදලක් අනුමත කර තිබේ. කෙසේවුවත් දේශීය තරඟමාලා සංවිධානය සඳහා එම අරමුදලෙන් වියදම් ලබා නොගන්නා බව කබඩි සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ජාතික දිස්ත්‍රික් තරඟමාලාවේ අවසන් මහ තරඟ ජනවාරි 10 වැනිදා පස්වරැවේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.