Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු වන ඩයන් ගෝමස් මහතා, අපේක්ෂකයින් 33 දෙනෙකු අතරින් එම සම්මේලනයේ අලෙවිකරණ කොමිසමේ උප සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටී. පෝලන්තයේ සීසරි ජෙඩ්ලින්ස්කිගේ මහතා අලෙවිකරණ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
වසර ගණනාවක් පුරා ලෝක බොක්සිං සම්මේලනයේ මූල්‍ය කොමිසමේ, අලෙවිකරණ කොමිසමේ සහ කාන්තා කොමිසමේ සාමාජිකයකු ලෙසද ගෝමස් මහතා සාර්ථකව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ග්‍රාමීය ප්‍රදේශවල ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට රැගෙන ඒම සඳහා උපදේශකයෙකු සහ ආධාරකරුවෙකු ලෙසද ඔහු කටයුතු කළේය. 2014 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං උපදේශක මණ්ඩලයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූ ගෝමස් මහතා, පසුගිය වසරේ ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයාද විය.
ෆ්ලයි බර පංතිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වන ගෝමස් මහතා, ඉකුත් දශක තුන ඇතුළත ආයතන සහ සමාගම් කිහිපයකම ඉහළ නිලතල දැරුවේය. එහිදී ශ්‍රී ලංකා වරලත් කළමණාකාර ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයකු ලෙසත්, මාස් හෝල්ඩිංග්ස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළ ඔහු, මේ වන විට හෙළ ක්ලෝතින් සමගමේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ගෝමස් මහතා දැනට ජෝර්ජියාවේ කොන්සල්වරයා ලෙසත් සහ නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් සේවය කරයි. ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද පත් කරනු ලැබ සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.