Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ චෙස් ඔලිම්පියාඞ් තරගාවලියක් සංවිධානය කිරීමට අන්තර්ජාතික චෙස් සම්මේලනය පියවර ගෙන තිබේ.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පසුව ලොව වැඩිම සාමාජික රටවල් ප්‍රමාණයක් ඇතුළත්වන ක්‍රීඩා සංවිධානය වන අන්තර්ජාතික චෙස් සම්මේලනය විසින් සංවිධානව කරනු ලබන මෙම තරගාවලිය සඳහා රටවල් 180 ක් පමණ සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
නව ආකෘතියක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් දෙදෙනෙක්ල ක්‍රීඩිකාවන් දෙදෙනක්ල කනිෂ්ඨ ක්‍රීඩකයෙක් සහ වයස අවුරුදු 20 ට අඩු ක්‍රීඩිකාවක් ඇතුළත් විය යුතුයග කණ්ඩායම් ඉදිරිපත් කරනු ලබන සෑම රටක් විසින්ම එම කණ්ඩායම සඳහා අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද නම් කළ යුතුය.
මෙම තරගාවලිය අදියර 5 ක් යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව එහි තෙවැනි අදියරේදී අගෝස්තු මස 4 වැනිදා සිට තරගාවලියට සම්බන්ධ වීමට නියමිතයග ජාතික චෙස් තේරීම් කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කණ්ඩායමේ නායකයා ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ ජීගඑම්ගඑච්ග තිලකරත්න කටයුතු කරනු ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රාජේන්ද්‍ර කළුගම්පිටිය මහතාදල කලමණාකරු ලෙස රන්සිත් ප්‍රනාන්දු මහතාද නම්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
ජීගඑම්ගඑච්ග තිලකරත්න (කුරුණෑගල මලියදේව විදුහල), ඉසුරු අලහකෝන් (ශ්‍රී ලංකා නාවික හමුදාව), දෙව්නෙත්මි දහම්ප්‍රිය (කොළඹ විශාකා විදුහල), අෂ්විනි පවලචන්ද්‍රන් (කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල), එල්.එම්.ටී ද සිල්වා (කොළඹ නාලන්දා විදුහල) සහ ගිහන්සා ජයවීර (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ජීගසීග අනුරාධ (මහනුවර වයි.එම්.ඒ.සී. ක්‍රීඩා සමාජය), දිල්ෂාන් ලියනගේ (කොළඹ ආනන්ද විදුහල), නෙත්මි ප්‍රනාන්දු (මහනුවර උසස් බාලිකා විදුහල), සචිනි රණසිංහ (එන්.එෆ්3 චෙස් සමාජය), සංජුල දොළුවීර (කොළඹ රාජකීය විදුහල) සහ නික්ලේෂා තරුෂි (කොළඹ විශාකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.