Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අප්න - දිනෙත්‍යා දෘඩ පිටි ටෙනිස් ශූරතා දිනති

අප්න - දිනෙත්‍යා දෘඩ පිටි ටෙනිස් ශූරතා දිනති

editorial - 2023 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති දෘඩ පිටි විවෘත ටෙනිස් තරගාවලියේ ශූරයා ලෙස අප්න පෙරේරාද, ශූරිය ලෙස දිනෙත්‍යා ධර්මරත්නද සම්මාන දිනාගත්හ.  

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කිරාන් වයිරවනාතන් පරාජය කරමින් අප්න තරගාවලියේ ශූරයා බවට පත් වූ අතර දිනෙත්‍යා එහි ශූරිය බවට පත් වූයේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ජනලි මනම්පේරි පරාජය කරමිනි.

මෙම තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට සාජිඩා රාසික් සමත් වූ අතර දිනාරා ද සිල්වා සමග එක්ව තරග වදිමින් කාන්තා යුගල ශූරතාවටත්, සයිධ් සිහාර් සමග එක්ව තරග වදිමින් මිශ්‍ර යුගල ශූරතාවටත් හිමිකම් කීමට ඇය සමත් වූවාය.

කාන්තා යුගල ඉසව්වේදී දිනාරා සහ සාජිඩා හමුවේ වට 2-0 ක් ලෙස නෙයාරා වීරවංශ සහ ජනාලි මනම්පේරිද, මිශ්‍ර යුගල ඉසව්වේදී සයිධ් සහ සාජිඩා හමුවේ වට 2-1 ක් ලෙස ටෙහාන් විජේමාන්න සහ ජනලි මනම්පේරිද පරාජයට පත්වූහ.

යසිත ද සිල්වා සහ දිල්වන් හේරත් පිරිමි යුගල ශූරතාවට හිමිකම් කීවේ එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස මෙවන් විජේමාන්න සහ ටොහාන් විජේමාන්න සොහොයුරන් පරාජයට පත් කරමිනි.


තරග ප්‍රතිඵල
පිරිමි කේවල
අප්න පෙරේරා විසින් වට 3-0 ක් ලෙස කිරාන් වයිරවනාතන් පරාජය කරන ලදි. (6/3, 7/6, 6/4)

කාන්තා කේවල
දිනෙත්‍යා ධර්මරත්න විසින් වට 2-0 ක් ලෙස ජනලි මනම්පේරි පරාජය කරන ලදි. (7/6, 6/1)

පිරිමි යුගල
යසිත ද සිල්වා සහ දිල්වන් හේරත් විසින් වට 2-0 ක් ලෙස මෙවන් විජේමාන්න සහ ටොහාන් විජේමාන්න පරාජය කරන ලදහ. (6/2, 7/6)

කාන්තා යුගල
දිනාරා ද සිල්වා සහ සාජිඩා රාසික් විසින් වට 2-0 ක් ලෙස නෙයාරා වීරවංශ සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ. (6/4, 6/4)

මිශ්‍ර යුගල
සයිධ් සිහාර් සහ සාජිඩා රාසික් විසින් වට 2-1 ක් ලෙස ටෙහාන් විජේමාන්න සහ ජනලි මනම්පේරි පරාජය කරන ලදහ. (6/1 7/5, 10/5)

 


අදහස් (0)

අප්න - දිනෙත්‍යා දෘඩ පිටි ටෙනිස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.