Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ ද්‍රවිඩ සංගම් පිල සහ කෝල්ට්ස් පිල අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භවූ තරගයේදී කෝල්ට්ස් පිලේ අවිෂ්ක ප්‍රනාන්දු (223) ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්විය. දැවීයන විට පන්දු 212 කට මුහුණදුන් අවිෂ්කගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 30 ක් ඇතුළත් විය.
සිවුදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පළමු දිනට අවසන් කරනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටින කෝල්ට්ස් පිල කඩුලු 2 ක් දැවී ලකුණු 414 ක් රැස්කිරීමට සමත්විය.
අවිෂ්ක ප්‍රනාන්දු සමගින් ඉනිම ආරම්භ කළ සංගීත් කුරේ පන්දු 229 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 142 ක් රැස්කිරීමට සමත්විය.
පළමු කඩුල්ල සඳහා ලකුණු 317 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට අවිෂ්ක ප්‍රනාන්දු සහ සංගීත් කුරේ සමත්විය.
තවත් තරග 3 ක් පී.සරවනමුත්තු, කෝල්ට්ස් සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණවලදී අද ආරම්භවිය.
එහිදී එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා (නොදැවී 152), යුදහමුදා පිලේ හිමාෂ ලියනගේ (116) සහ දිල්ශාන් ද සිල්වා (101) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. සී.සී.සී පිලේ ළහිරු මදුශංක කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ද්‍රවිඩ සංගමය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් 414/2
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 414
(අවිෂ්ක ප්‍රනාන්දු 223, සංගීත් කුරේ 142, හෂාන් දුමිඳු නොදැවි 46)
එන්.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී 376/8
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 376
(පැතුම් නිශ්ශංක 95, හසිත බෝයගොඩ 20, මහේල උඩවත්ත 23, ඇන්ජලෝ පෙරේරා නොදැවී 152, ලසිත් ඇඹුල්දෙණිය 26, ධම්මික ප්‍රසාද් 70/3, ආකාෂ් සේනාරත්න 78/2)
හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් 186, සී.සී.සී 123/6
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(ඕෂධ ප්‍රනාන්දු 52, රිසිත් උපමාල් 36, ඉරෝෂ් ප්‍රනාන්දු 26, ළහිරු මදුශංක 51/6, මාලින්ද පුෂ්පකුමාර 84/3)
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 123
(මිනෝද් භානුක 40, අෂාන් ප්‍රියංජන් 22, සාගර් උදේෂී 21/3)
යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව 318/7
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 89.2 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 318
(හිමාෂ ලියනගේ 116, දිල්ශාන් ද සිල්වා 101, සංජික රිද්ම නොදැවී 50, චාමික එදිරිසිංහ 81/3, සචිත්‍ර පෙරේරා 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.