Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා බොක්සිං සංගමය මෙම වසර සඳහා සංවිධානය කරන පිරිමි සහ කාන්තා ආධුනික බොක්සිං තරගාවලිය මෙම මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වයස අවුරුදු 19 ට වැඩි සහ අවුරුදු 40 ට අඩු නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් මෙම තරගාවලිය විවෘත වන අතර ඔවුන් මින් පෙර ආධුනික, අතරමැදි, ලේටන් කුසලාන, ක්ලිෆඩ් කුසලාන හෝ ජාතික ශූරතා බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ නොලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විය යුතුය.
මෙම තරගාවලියේදී එක් එක් බර පංතිවල ශූරතා සහ අනුශුරතා දිනාගන්නා සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලේටන් කුසලාන, ක්ලිෆඩර් කුසලාන සහ ජාතික ශූරතා බොක්සිං තරගාවලිවලදී තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
අන්තර් ජාතික බොක්සිං නීති රීති වලට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම පිරිමි සහ කාන්තා තරගයක්ම විනාඩි තුන බැගින් වූ වට තුනකින් සමන්විත වේ. සෑම තරග වටයක් අවසානයේදීම තරගකරුවන්ට මිනිත්තුවක විවේක කාලයක් හිමිවේ.
තරගාවලියේ පිරිමි තරග කිලෝ ග්‍රෑම් 46 බර පංතියේ සිට කිලෝ ග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය දක්වා බර පංති 13 ක් යටතේ පැවැත්වෙන අතර කාන්තා තරග කිලෝ ග්‍රෑම් 45 බර පංතියේ සිට කිලෝ ග්‍රෑම් 81 ට වැඩි බර පන්තිය දක්වා බර පංති 12 ක් යටතේ පැවැත්වේ.
තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මෙම මස 10 වැනිදායින් අවසන් වන අතර ඊට සහභාගි වීමට අවශ්‍ය තරගකරුවන් සහ තරගකාරියන් srilankaboxing@gmail.com යන විද්‍යුත් තැපෑලට හෝ නො.59/17, බයිඩ් පෙදෙස, ඕෆ් ස්ට්‍රැෆර්ඩ් ටෙරන්ස්, කොළඹ 6 යන ලියාපදිංචි තැපෑලට සිය අයැදුම්පත් යොමු කළ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.