Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් මේසපන්දු සංගමය සංවිධානය කළ අන්තර් පාසල් කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ වයස 18 න් පහළ සහ 12 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතා ද්විත්වයම දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.
වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව වට 3-2 ක ජයක් හිමි කරගත් ආනන්ද විදුහල, වයස 12 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කළේය.
වයස 18 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහල සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරාජය කරමින් ඔවුන් එම ශූරතාවට හිමිකම් කිවේය.
18 න් පහළ වයස් කාණ්ඩයේදී පරාජයට පත්වුවද, වයස 12 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලිකා ශූරතාවට හිමිකම් කීමට ධර්මාශෝක විදුහල සමත් විය. ඒ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විදුහල පරාජය කරමිනි.
දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක සහභාගි වූ මෙම තරගාවලිය දින තුනක් පුරා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
‘ඒ’ කාණ්ඩයේ තරග ප්‍රතිඵල
වයස 18 න් පහළ (බාලක)
කොළඹ ආනන්ද විදුහල විසින් වට 3-2 ක් ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කරන ලදී.
වයස 18 න් පහළ (බාලිකා)
කොළඹ කාන්තා විදුහල විසින් වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරාජය කරන ලදී.
වයස 12 න් පහළ (බාලක)
කොළඹ ආනන්ද විදුහල විසින් වට 3-2 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදී.
වයස 12 න් පහළ (බාලිකා)
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල විසින් වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විදුහල පරාජය කරන ලදී.
වයස 18 න් පහළ (බාලිකා) ශූරතාව දිනූ කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම |
වයස 12 න් පහළ (බාලිකා) ශූරතාව දිනූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.