Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ප්‍රංශයේ දී නිමාවට පත්වූ 24 වැනි ලෝක ආරක්ෂක සේවා තුන් ප්‍රයාම තරගාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු හා පුහුණුකරුවෙකු එරටදී අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. අතුරුදන් වූ බව කියන මෙම පිරිසට යුද හමුදාවේ ක්‍රීඩකයන් තිදෙනකු හා ක්‍රීඩිකාවක්ද ගුවන් හමුදාවේ ක්‍රීඩකයකු ද, නාවික හමුදාවේ ක්‍රීඩිකාවක් සහ පුහුණුකරුවකු ද ඇතුළත් සිටිති.
24 වැනි ලෝක ආරක්ෂක සේවා තුන් ප්‍රයාම තරගාවලිය, දින පහක් පුරා රටවල් 22ක සහභාගිත්වයෙන් ප්‍රංශයේ බ්‍රයිට් - ලා - ගයිලාඩ් නුවරදී පැවැත්වුණි. තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා තුන් ප්‍රයාම කණ්ඩායමට ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් පස් දෙනකු බැගින්ද පුහුණුකරුවන් දෙදෙනකු හා කණ්ඩායම් ප්‍රධානියෙකු ද ඇතුළත් වූහ.
තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් යළි දිවයිනට ළඟාවී තිබේ. කෙසේ වුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකුවත් එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව නැත.
ධාවනය, පිහිනුම් හා පාපැදි සහ ඉසව් තුනෙන් තුන් ප්‍රයාම ක්‍රීඩාව සමන්විත වේ. ප්‍රංශ තුන් ප්‍රයාම තරග සංචාරයට ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනයේ සම්බන්ධයක් නොමැති අතර, මෙම තරග සංචාරයට වියදම් දරා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සේවය කරන ආරක්ෂක හමුදාවන් වෙතිනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා දැඩි ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට විදෙස් තරග සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය දීමේදී කොන්දේසි හා නීති දැඩි කළ යුතු බවයි.
දැනටත් විශේෂයෙන්ම යුරෝපයේ හා ඇමරිකාවේ තරග සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවත පැමිණීම සහතික කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක ඇපකරයක් හා ඇපකරුවන් දෙදෙනකු අත්සන් කිරීම අනිවාර්ය කර තිබේ.
පසුගිය ජූලි මාසයේදී පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා නිලධාරීන් 11 දෙනකු එංගලන්තයේ බර්මින්හැම් නුවරදී අතුරුදන් විය. එ් අතර පසුගිය නොවැම්බර් මාසයේදී කොරියාවේ දී පැවැති ආසියානු රග්බි ශූරතා දෙවනි අදියර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් එරට දී අතුරුදන්වීම මේ සම්බන්ධයෙන් තවත් ආසන්නතම සිදුවීමකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.