Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වූවත් එහි රාජකාරී පිටරට සංචාරවලට පමණක් සීමා නොකරන බවත් එම ධුරය ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක‍්‍රීඩාවේ අභිවෘර්ධිය සඳහා උපරිම ලෙස යොදා ගන්නා බවත් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනී ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මිය පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්ටෝරියා මහත්මිය, තනතුරු යොදා ගනිමින් පිටරට සංචාර යාමේ ආසාවක් තමන්ට කිසිසේත් නැති බවත්, එංගලන්තයේ පැවැති දැල්පන්දු පරිපාලන වැඩමුළුවකට සහභාගී වන ලෙස තමන්ට ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයෙන් ආරාධනා ලැබී තිබියදී පවා තමන්ට ඊට සහභාගීවීමේ අවස්ථාවක් හිමි නොවු බවත් ඇය පැවසුවාය.
”ආසියානු සම්මේලන පදවිය රට යාමට පමණක් යොදාගන්නවා ද කියලා ඇතැම් අය ප‍්‍රශ්න කළා. නමුත් මට එහෙම රටයාමේ ආසාවක් නෑ. සුදුසු අයට ඒ අවස්ථාව ලබාදෙන්න මා පැකිලෙන්නෙත් නෑ” යයිද වික්ටෝරියා මහත්මිය පැවසුවාය.
ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මිය ආසියානු දැල්පන්දු සංගමයේ සභාපති ධුරයට පත්වූයේ ඉකුත් ජූලි 4 වැනිදා බෲනායි රාජ්‍යයේදී පැවැති ආසියානු දැල්පන්දු සංගම් මහ සමුළුවේදීය. මීට පෙර එම ධුරය ඉසිලූවේ තමරා ධර්මකීර්ති හේරත් මහත්මියයි.
දැල්පන්දු සංගමයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
බෲනායිහිදී පැවැති අටවැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව හිමි කර ගත් අතර එම සංචාරයේ වැය කිරීම් සඳහා ක‍්‍රිඩා අමාත්‍යාංශයෙන් ලැබුණු රුපියල් ලක්‍ෂ 10 ක වියදමින් 250,000 ක මුදලක් ඉතිරි කර ගෙන පැමිණීම ගැන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමට දැල්පන්දු සංගමයේ ප‍්‍රසංශාව පළ කෙරුණි.
එම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස යමුනා සඳමාලි මහත්මිය කටයුතු කළ අතර දැල්පන්දු සංගමය පැවසුවේ ඉතිරි කළ මුදල් ක‍්‍රීඩා ඇමැතිවරයාට බාරදීමට කටයුතු කළත් ඔහු ඒවා නැවැත දැල්පන්දු සංගමයටම ප‍්‍රදානය කළ බවය.
බෲනායිහිදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩිකා නිසංසලා අල්ගම තරගාවලියේ දක්‍ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන ලැබුවාය.
මෙම සංචාරයේදී විශේෂඥ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ ඔලිවියා ගමගේ මහත්මියගේ සේවය පිළිබඳව ඇතැම් අය චෝදනා කළද ඇගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළින්ම ලැබුණු බව ප‍්‍රධාන පුහුණුකාරිනි ජානකී ගුණසේකර මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.